IMG-LOGO

බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි වතු සේවකයෝ පවසති.

ආගරපතන හුට්වීල් හා ටොරින්ටන් යන වතුවල සේවය කරමින් සිටි වතු කම්කරු පිරිමි හා කාන්තාවන් පිරිසකට මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇත.

ඉන් තුවාල ලැබුව පිරිස් ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ඔවුන් කියති.

හුට්වීල් වතුයායේදී එල්ල වූ බඹර ප්‍රහාරයෙන් පිරිමි වතු කම්කරුවන් අට දෙනකු තුවාල ලබා ඇති බවත්, බඹරුන්ගේ දෂ්ඨ කිරීමෙන් හමුවේ ‌ඉන් බේරීම සඳහා  දිවයාමේදී පුද්ගලයන් තිදෙනකු ඇදවැටීම ලක්වීම හේතුවෙන් තුවාල ලබා ඇති බවත්, එයින් එක් පුද්ගලයකුගේ හිසට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවද වතු සේවකයෝ කියති.

 



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 140 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 349 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site