IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙදපොළට

(ගයාන් සූරියආරච්චි)

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් පසුගියදා හඳුන්වා දුන්නේය.

වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බව මහාචාර්යවරයා පැවැසීය.

මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ට ද  ලබාගත  ගත හැකි බව ඒ මහතා පැවසීය.
මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා,පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්රිෝත  ඇති වන පිළිකා,ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බව මහාචාර්යවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස මෙරට සිටින විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ මෙන්ම විශේෂඥවරුන්ගේ සහාය ලබාගෙන රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පැවැසීය.



අදහස් (19)

පිළිකා නසන පෝෂක ඖෂධයක් වෙළෙදපොළට

Chandawimala Thero Friday, 09 June 2023 12:38 PM

බොහෝම පින්. ඉතින් වෙළඳපලට දාන්න කළින් වහාම පිළිකා රෝහල වෙත යවන්න මුලින්ම...

:       0       76

පැරකුම් Friday, 09 June 2023 01:04 PM

මේ තවත් එක් ඖෂධයක් පමණි. අයිතිය කොම්පැණියක් සතුය. ඖෂධ මාෆියාවට එක්වන තවත් එකක් පමණි. අමුතු වෙනසක් නොවන බව ඉතා පැහැදිලිය. අනවශ්‍ය බලාපොරොත්තු තබා නොගන්න.

:       15       30

චන්දන Friday, 09 June 2023 03:30 PM

මේ කතාව ඇත්ත. මෙතැනදීවත් ව්‍යාපාර පිළිබඳව අදහස මඳකට පසෙකලා සේවය ගැන අවධානය යොමු කරන්න.

:       1       15

prasanna Friday, 09 June 2023 01:24 PM

දැන් දේශපාලකයින්ට ඌරු ජුවල් ඇති, ඔවුන්ට කොමිස් ගහන්න බැරිවෙන නිසා... මේවා අපේ රටේ නිෂ්පාදනය කරන්න.

:       0       38

අජිත් වීරසිංහ Friday, 09 June 2023 02:46 PM

ජාතික වීරයෙක්... බොහෝම පින්... අඩු මුදලට වෙළඳපළට දමන්න..

:       2       22

R.J.J.S.DALPADADU Friday, 09 June 2023 03:47 PM

කොහෙන්ද මේ බෙහෙතෙන්. ලබා ගත හැකි ස්ථානය සහ සම්බන්ධතා විස්තර

:       0       1

Nathalie Friday, 09 June 2023 04:24 PM

ඉතින් ගන්න කලින් නම දැනගන්න කැමැතියි...

:       0       17

Thilak Wediwardhana Friday, 09 June 2023 04:46 PM

මේක ගන්න තියෙන්නේ කොහේද? ආයතනය මොකක්ද? මොකුත් විස්තරයක් නැහැනේ...

:       0       9

a;lexander senaratne Friday, 09 June 2023 05:09 PM

අපිට මේවා ගන්න තියෙන්නේ කොහෙන්ද? අපිට ඒ ගැන කියන්න.

:       0       4

Roshani Prasadika Friday, 09 June 2023 05:27 PM

ඔබතුමාට පින් පුළුවන් තරම් ඉක්මණට මහරගම පිළිකා රෝහලට දෙන්න. ඒ පිනම ඇති..

:       0       4

Douglas ගුනසේකෙරමිට් Friday, 09 June 2023 07:16 PM

මෙම ඖෂධය සොයාගත් ශ්‍රී ලාංකීය ඔබසැමටම අපේ ප්‍රණාමය පුදකරමි. මෙම රෝගයෙන් පීඩා විඳින බොහෝ පිරිසක් ඇත. මෙය සැමටම පහසුවෙන් ලබාගැනීමට පහසුවන පරිදි කටයුතු කිරීම ඉතා සුදුසුයි..

:       0       9

මමත් රෝගියෙක් ගත හැකි ස්ථාන මිල ගනන් ඉදිරිපත් කරන්න Friday, 09 June 2023 07:28 PM

හොඳ වැඩක්... සුබ පැතුම්...!

:       0       2

සනත් ප්‍රේමතිලක Friday, 09 June 2023 07:32 PM

මමත් රෝගියෙක් මේකෙ මිල කීයද තියෙන්නේ? සුබ පැතුම්...!

:       0       7

Dharmasiri Jayasingge Saturday, 10 June 2023 12:40 AM

විශ්වකර්ම වැඩක්... ලෝකයාටම හඳුන්වාදෙමු...

:       0       3

Saman perera Saturday, 10 June 2023 10:51 AM

සුබ පැතුම්...! ඔබටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත් බොහෝ පින්...!

:       0       3

Saman weerasuriya Saturday, 10 June 2023 09:00 PM

ඔයාගේ මුළු පවුල්වලටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඕනෑ...

:       0       4

Achala dilrukshi Sunday, 11 June 2023 05:53 PM

ඔබට බෝහෝ පින්.... පුළුවන් ඉක්මනින් රෝගීන්ට ලබාදීමට හැකිවේවා...! තෙරුවන් සරණයි..

:       0       0

Ishan Sunday, 11 June 2023 08:51 PM

අද ෂා fm නිව්ස් වල කිව්වා මේ පෝෂක ඖෂධය ෆාමසි වලට නිකුත් කලා කියල, හැබැයි මේකෙ නම සදහන් කලේ නැහැ, මට තවම කොහෙන්වත් මේ බෙහෙතෙ නම හොයාගන්න බැරි වුණා, කොපමණ හොද නිෂ්පාදනයක් වුණත් නිෂ්පාදකයාට ඒකෙ නමක්වත් ජනගත කරගන්න බැරිනම් ඒක ලොකු අඩුපාඩුවක්

:       0       0

Nilantha Monday, 12 June 2023 05:41 AM

ඔබ වැනි පර්යේෂකයන් රටට ආඩම්බරයක්, ලෝකයට සම්පතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1195 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 428 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 575 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 166 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 373 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 339 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1066 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site