(සුජිත් හේවාජුලිගේ)
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කර ඇත
පාර්ලිමේන්තු මහ ලේකම්වරයකුට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන සැපයුණු අතර මින් ඉදිරියට මහලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1200ක් දක්වා වූ දුර ප්‍රමාණයකට සරිලන මාසික ඉන්ධන කෝටාවක් සපයන ලදි.
මින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සහකාර මහ ලේකම්වරයාට අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට වෙන් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට මෙහිදී තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරයාට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණි.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මාසිකව කිලෝමීටර් නවසීයක් දක්වා ඉන්ධන සැපයුණු අතර ඔවුන්ගේ ඉන්ධන කෝටාවද අඩු කෙරුණු ඇත.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් වාහන සහ ඉන්ධන අසීමිතව පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීමෙන් පසු වාහන සහ ඉන්ධන ප්‍රමාණ මෙසේ සීමා කිරීමට තීරණය කර ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රම රත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ලබා ගනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කථානායකවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව ජාතික විගණන කාර්යාලය විසින්ද ඒ පිළිබඳව විමර්ශනයක් කරගෙන යනු ලැබේ.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙකු තම දරුවා නැගෙනහිර විශ්ව විද්‍යාලයකට යැවීම සඳහාද පාර්ලිමේන්තුවේ වාහනයක් පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවිය. එසේම තවත් නිලධාරිනියක අනුරාධපුරයේ නක්ෂත්‍රවේදනියක හමුවීමටද පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන පාවිච්චි කර තිබූ බවට තොරතුරු හෙළිවිය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්