
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ සිටී. 75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ මැක්රොන්ය.
ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ සමීපතම මිතුරකු වන අතර, ඔහු ඉන්දියාවට පැමිණියේ අග්‍රාමාත්‍ය මෝදිගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ගොඩබෑමේ රාජස්ථානයේ ජායිපූර් නගරයටය. මල් කලඹක් දී ඔහු පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් විසිනි.
අග්‍රාමාත්‍ය මෝදි සමඟ ජායිපූර් හි සංස්කෘතික අංග රැසකට සහභාගීවීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සූදානමින් සිටී.
පසුගිය වසරේ ජූලි මාසයේ ප්‍රංශයේ බැස්ටීල් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මෝදිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd