IMG-LOGO

නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ  ලකී ජයවර්ධන යන මහත්වරැන් වෙනුවෙන්ද  ශෝක යෝජනා විවාද මෙදින පැවැත්වීමට නියමිතය

මේ අතර සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (22) විවාදයට ගැනේ

මේ අතර සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිද්ද‌ා (23)ද ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 24වැනිදා  පැවැත්වේ.

පාර්ලිමේන්තුව හෙට (22) සිට ලබන 25 දක්වා රැස්වෙයි



අදහස් (1)

නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා

විපරමා Monday, 21 July 2025 05:03 PM

ජාතික ලැයිස්තුවෙන් පත්කරලා පිනට ලැබුණු සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන හිටියා මිසක් කරපු දෙයක් තියෙනවාද? ජනතා මුදල් කාබාසිනියා කිරීමක් විතරයි සිද්ද වෙන්නේ...

:       10       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 537 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site