(සුජිත් හේවාජුලිගේ)

නැව් සංස්ථාව සතු අනුබද්ධ සහ ආශ්‍රිත සමාගම් හයක කර ඇති ආයෝජනවලින් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත් රුපියල් කෝටි 63ක ආයෝජනයකට වාර්ෂිකව ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ හතරක පමණ ලාභාංශයක් පමණක්  බවත්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේදී (කෝප්) තොරතුරැ  අනාවරණය විය.

සංස්ථාවේ නිලධාරීන් එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කළ ද, ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබාදී නොමැති බව කාරක සභාව සඳහන් කළේය.

ලංකා නැව් සංස්ථාවේ කළමනාකරණය, මූල්‍ය පාලනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව පිළිබඳවද   කමිටුවේ අවධානය යොමුවිය

සී/ස ලංකා නැව් සංස්ථාවෙහි (Ceylon Shipping Corporation Limited) කළමනාකරණය, මූල්‍ය පාලනය, මානව සම්පත් කළමනාකරණය සහ නෞකා මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පුළුල් ලෙස කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව ආයතනයේ පාලන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ රැසක් ඉදිරිපත් කරන ලදී.