IMG-LOGO

නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි

සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි.

‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. එහෙත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ යැයි තාරතා විද්‍යාඥයන් තහවුරු කර තිබේ. නාසා ආයතනය එය වැඩි දුර ගවේෂණයට රොබෝ යානයක් යවන්නේ ඒ නිසාය.

‘සයිකී 16’ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇති බව ද ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින් නාසා ආයතනය පැහැදිලි කර ඇත.

‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 225 කි.

ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බෘහස්පති අතරේය. ‘සයිකී 16’ ගවේෂණවයට යැවෙන නාසා රොබෝ යානය ද නම් කර ඇත්තේ ‘සයිකී’ යනුවෙනි. එය ලබන ඔක්තෝබර් 12 වැනිදා අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරනු ඇත්තේ, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ රොකට්ටුවකිනි.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (0)

නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 409 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 983 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1366 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site