IMG-LOGO

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

(නිමන්ති රණසිංහ)

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට  පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

 

 



අදහස් (10)

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

arun Thursday, 23 April 2020 05:09 PM

ගෙදර කට්ටිය ?

:       3       129

lalithm Thursday, 23 April 2020 06:27 PM

මේ ඔක්කොම ව්‍යසන කාලකන්නි කුඩු කාරයෝ කට්ටියක් හින්දනේ... කුඩ්ඩන් සමාජයෙන් අයින් කර හුදකලා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා නම් මේ ව්‍යසන මෙතරම් දරුණු වෙන්නේ නැහැනේද? බලෙන් හෝ වැඩගන්න වැඩ කඳවුරු ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වගේ කාලකන්නි පාලනය කරන්න.

:       180       587

Tharindu PereraThursday, 23 April 2020 07:07 PM

ඇයි ඔයාලට ඇත්ත පිළිගන්න බැරි? වැරදිකාරයෝ වෙන්නේ රට පුරා වෛරසය පතුරවපු කුඩුකාරයොද, එහෙම නැත්නම් පිටරට ඉඳන් ලංකාවට ආපු මිනිස්සුන්ව හරියට නිරෝධායනය කරලා රට ඇතුළට ගත්තේ නැති මේ මීහරක් පාලකයෝද? මොකද කුඩුකාරයෝ රට ගිහිල්ලා වෛරස් එක ගෙනාවේ නැහැනෙනේ....

:       1346       1726

Anton AustriaThursday, 23 April 2020 07:49 PM

දේශපාලකයන්ට කඩේ යන බූරුවෝ නිසා තමා රටට කෙළවෙන්නේ... එතකොට රාජිත කියපුවා හොඳද?

:       273       246

gamageThursday, 23 April 2020 09:29 PM

ඔය කියපු ඔක්කොම වැරදියි. මේ කලබල අස්සේ ඡන්දෙ තියන්න ලක ලැහැස්ති වෙන නායකයෝ විතරක් හොදයි.

:       0       0

මුණසිංහFriday, 24 April 2020 01:23 AM

තරිදු පෙරේරාගේ අදහස වැරදියි. රට ඉදන් ආපු අය අතුරින් කීප දෙනෙක් කටුනායකදී කරපු පෙරලිය දැක්ක නේද? ආණ්ඩුව ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කරන්න සියලු දේ කලා. නිරෝධායනය කරපු අයගෙන් නෙවි මේක වුනේ. කීප දෙනෙක් වලි දාලා ඔතනින් පැන ගත්තා. ඒක ඔයා දැක්කේ නැත්ද? එවැනි අය නිසා තමා මේක පැතිරුනේ. තවමත් මේක නොසලකන අය ඉන්නවා.

:       5       0

කනිෂ්ක Friday, 24 April 2020 02:24 AM

ඔව් තරිදු මේකයි ඇත්ත. සියල්ලම දේශපාලන කෝණයෙන් දකින තාක් මිනිසෙකුට මීහරකුන්ව පාලනය කිරිම සහ අවබෝධ කර දීම අසීරුය.

:       0       2

ass charyaFriday, 24 April 2020 04:13 AM

ඇන්ටන් අර නාලිකා දෙකේ බාගෙට දාන කතාව අහලා වගේ මට නම් පේන්නේ. අනෙක ඔයා කඩේ යන්නේ ඔය දේශපාලකයන්ට නෙමෙයිද ?

:       57       93

MalcomFriday, 24 April 2020 02:02 AM

ඔබගේ මහා දැනුමෙන් ප්‍රයෝජනයක් නොගැනීම මහා අපරාදයක්... මොහොතක් වත් ප්‍රමාද නොවී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට මෙන්ම අදාල සියලුම තැන් වලට ඔබගේ උපදෙස් ලබා දෙන්න .

:       1       13

Du Friday, 24 April 2020 04:17 AM

මටනම් හිතුනා. කොරෝනා මර්දන වැඩසටහටනට යවන සෙබලු පළමුවෙන්ම පී.සී.ආර් ටෙස්ට් එක කරන්න ඕනේ. එයාලගේ ආරක්ෂාව වැදගත්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 662 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site