(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.
එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සඳහා දායක කර ගැනීමට නියමිතය.
බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි
ගමේ එකාලා Friday, 02 June 2023 07:50 PM
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? පින් ජනපතියා නම් විපර්යාස වෙලා වගේ කටයුතු කරන්නේ..?
සීජේරSaturday, 03 June 2023 10:13 AM
සාමාන්‍ය ලාංකික ගැමියා ඉතාමත් විවෘත මනසකින් යුතුව ලෝකයේ සිදුවන අලුත් දේ පිලිබදව අවදානය යොමුකර තමුන්ට එතරම් අදාල නොවුනත් මතු ප්‍රරපුරට අවශ්‍ය දෙයක් නම් ඒ දේ සදහා නිහඬව කටයුතු කරයි.