IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට්

(යොහාන් භාසුර)

දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පැමිණීමෙන් ජනතාවට දින කීපයක් එහි පෝලිමක රැදී සිටීමෙන් එම පරිශ්‍රයෙන් පිටත අද (17) පස්වරුව වන විට තබදබදයක් නිර්මාණය වී තිබුණි.

රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම පරිශ්‍රයෙන් පිටත දිගු පෝලිමක රැදී සිටින අතර ඔවුන්ගෙන් අයදුම්කරුවන් 500 ක් පමණක් දිනකට අයදුම්පත් භාරදීමේ අවස්ථාව හිමිවේ.

අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ යාපනය ආදි විවිධ දුර බැහැර ප්‍රදේශවල පුද්ගලයන් එම පෝලිමේ රැදී සිටින අතර ඇතැම්හූ කුඩා දරුවන් ද රැගෙන පැමිණ සිටිති.

වැඩි පිරිසක් දරුවන් ද සමඟ එම ස්ථානයේම රැය පහන් කරන බව ද ඔවුහූ පැවසූහ.  

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක වෙමින් තිබුණි.  

එම පෝලිමේ සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙක් පැවසුවේ මීට දින තුනකට පෙර පෝලිමට එකතු වූ බවත් පිරිසිදුවීමට ජලය ලබාගැනීම ඇතුළු සියලු දේ මුදලට ගනීමට සිදුවීමෙන් විදේශ ගමන්බලපත්‍රය ගැනීමට යන විදයම මෙන්ම වියදමක් මේ වන විට දැරීමට සිදුව ඇති බවත්ය.

දිනයක් හෝ වේලාවක් වෙන්කර නොගත්ත ද අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා පැමිණි බව ද ඔහු කීය.

නුවරඑළියේ පදිංචි කාන්තාවක් පැවසුවේ දිනයක් සහ වේලාවක් නොමැතිව එන්න එපා යැයි දැනුම්දී තිබුණ ද කෙසේ හෝ ලබාගත හැකි විශ්වාසය මත බවයි.  

ආගමන විගමන දෙපපාර්තමේන්තු පරිශ්‍රය අසළ පදිංචිකරුවෙක් පැවසුවේ එම පෝලිමේ සියලුම දේවල් මුදලට සිදුවන බවත් බස් රථ පිරෙන්න ගෙනවිත් අයදුම්කරුවන් පෝලිමට එකතු කරන බවත්ය.    

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ දැනට පවතින තදබදය අද (17) දිනයෙන් අවසන් වන බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අවසන් අයදුම්කරුවන් 1800 කට හෙට දිනයේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කර අවසන් කරන බවයි.

මෙම මස 17 වැනිදා දක්වා පමණක් දිනය සහ වේලාව නිකුත් කර එම ක්‍රමවේදය අවසන් කළ බව කී ඉලුක්පිටිය මහතා හෙට (18) දින ජනතාවට මීට පෙර පැවැති ආකාරයට පැමිණි පිළිවෙළ අනුව අයදුම්පත් භාරදිය හැකි බව ද සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව දිනකට ගමන් බලපත්‍ර 2300 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් එක්දින සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බවත් ඊට අමතරව හදිසි අවශ්‍යතා ඉදිරිපත් කරන අයට ද ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ඒ මහතා කීය.

මෙවැනි තත්වයක් ඇතිවිය හැකි යන උපකල්පනය මත දිනයක් සහ වේලාවක් නොමැති පුද්ගලයන් එම කාර්යාලයට පැමිණීමෙන් වැළකෙන ලෙස පසුගිය 12 වැනිදා ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම නොතකා ජනතාව පැමිණීමෙන් මෙම තත්වය ඇති වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

(ඡායාරූපය: ජයමල් චන්ද්‍රසිරි)

 



අදහස් (13)

දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට්

Lalla Wednesday, 17 May 2023 05:15 PM

ඇතුලේ ඉන්න හොරුන්ට ජරාව කන්න ක්‍රමය හදල දීලා. රාජ්‍ය පරිපාලන සේවයේ වෙනස මේක වෙන්න ඇති...

:       3       58

Darshana Piyathilake Wednesday, 17 May 2023 05:44 PM

දිනය වෙන් කරගැනීමේ ක්‍රමය නවතා දැනට මාස දෙකකට ආසන්නයි. එතකොට කොහොමද වෙන් කරගන්නේ? තනිකර පගා මරුවන් ඉන්න තැනක් ඕක. උපරිම පගාව ගන්න පුළුවන් විදියට තමයි එතැන සිස්ටම් එක හදලා තියෙන්නේ... !

:       2       55

sunil Wednesday, 17 May 2023 05:56 PM

ඇයි රටේ මිනිස්සු හැමදෙයක් කරගන්ට කොළඹට එන්න බල කරන්නේ? මේ වගේ දේවල් ඔවුන් පදිංචි පළාත්වල තියෙන කච්චේරි වල කරන්න බැරි ඇයි?

:       0       50

කිරිපුතා Wednesday, 17 May 2023 06:54 PM

තවතවත් උප කාර්යාල රටේ විවධ ස්ථානවල ස්ථාපිත කරන්න පුළුවන් නම් ප්‍රශ්නය විසඳේවි...

:       0       30

fairoos Wednesday, 17 May 2023 06:56 PM

දිනයක්, වේලාවක් වෙන් කරලා ගියාට පෝලිමේ පැය 3, 4ක් ඉන්න ඕනෑ. වැඩක් නැහැ මේ කාලකණ්ණි පාලකයින්ගේ වැඩ.

:       2       31

Sunil Wednesday, 17 May 2023 07:34 PM

රනිල් රාජපක්ෂ නම් පිනාධිපතිගේ තවත් විශිෂ්ඨ ජන පීඩක සේවාවක්. එයාට මේවා පෙනෙන්නේ නැහැ.

:       7       28

මරිසිපාල Wednesday, 17 May 2023 08:47 PM

සීනිලෝ මම දන්න විදියට රනිල් කියන්නේ ජනාධිපති මිස ආගමන විගමන පාලක නොවෙයි... ඇත්තටම නුඹ 2019 පොහොට්ටු රජය හදන්න මුලින්ම හිටපු එකෙක් නේද? නැත්නම් ආගමන විගමන පාලක කරන්න ඕනෑ දෙයක් ජනාධිපති කරන්න ඕනෑ කියලා කියන්නේ නැහැ...

:       11       16

ගමේ එකාලා Wednesday, 17 May 2023 08:30 PM

අපේ රටේ ජීවත් වෙන එකත් එපාවෙලා... ජනතාව දවසින් දවස රට හැරයනවා.

:       2       22

රටවැසියා Wednesday, 17 May 2023 08:49 PM

රටේ ජනතාවට මුදලට පාස්පෝට් විකුණන එක ආණ්ඩුවේ දැනට තිබෙන විශාලතම ව්‍යාපාරය - විලි ලැජ්ජයි! මේසා ලාබ ලබන ව්‍යාපාරයක්වත් ආණ්ඩුවට කරගන්න බෑ! මේ වනවිට රටේ තිබෙන මහා හොර ජාවාරමත් මෙතන ක්‍රියාත්මකයි...! ආණ්ඩුවේ සියලුදෙනා මේ තත්වයට වගකිව යුතුයි! රට පත්ව ඇති අරාජික තත්වය මෙයින් දැකගත හැකියි...

:       4       29

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:09 AM

ඔතනට ටිකක් එහයින් වැවක් මැද මරු පොට් එකක් තියනවා ඒකේ ඉන්නේ ඩොලර් දශමයක් උපයලා නැති සෙට් එකක් ඒත් උන්ට රජ සැප.

:       0       5

visnu Thursday, 18 May 2023 09:24 AM

තොපිට රට කරන්න බැරි නම් පුළුවන් එවුන්ට දීලා පලයවු

:       0       0

දේශප්‍රිය Thursday, 18 May 2023 10:05 AM

මේවා විහිලු නෙවෙයි. ඛේදවාචක සමහර රටවල් දවස් තුනෙන් පාස්පෝට් නිකුත් කරනවා.. මේ ලිපියේ මාෘකාවත් මෙම තත්වය සැහැල්ලුවට ලක් කර තියෙනවා

:       0       3

ලුම්බිණි Thursday, 18 May 2023 10:30 AM

කිසිම රජයේ නිලධාරියෙකුට හෝ දේශපාලකයෙකුට මේ මිනිසුන් විඳින දුක නොපෙනෙන එකයි පුදුමේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 301 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 839 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 494 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 104 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 427 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 289 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site