IMG-LOGO

දැරියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

දා  හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බව කියන 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඇදගල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, ඇදගල  ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි. මෙම වින්දිත දැරියත් සැකකාර ව්‍යාපාරිකයාත් අසල්වාසින් බව පොලිසිය කියයි.

දැරියගේ මව විදෙස් ගතවී ඇති අතර දිවා කාලයේ තනිව පාඩම් කරමින් සිටින දැරියගේ නිවසට පැමිණෙන සැකකරු කිහිප වතාවක්ම ඇය ස්පර්ශ කර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොකියන ලෙසට මරණිය  තර්ජන කර බිය ගන්නවා ඇතැයි පොලීසිය සදහන් කළේය.

පසුගිය දින නිවසට පැමිණ  ඇති මෙම සැකකරු දැරිය නිවසේ කාමරයකට රැගෙන ගොස් බරපතල ලෙස අප යෝජනය කර තිබේ.
 
දැරිය මේ බව විදෙස්ගතව සිටින සිය මවට දුරකතයෙන් දැනුම් දිමෙන් අනතුරුව  මව ඒ බව ලංකාවේ සිටින සිය සොයුරියට පවසා ඇය මගින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල මත සැකකරු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රෝහණ අධිකාරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

දැරියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site