
( නිශාන්ත කුමාර)
දෙබරුන් 50 අධික සංඛ්‍යාවක් ඇනීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පුද්ගලයෙකු අද (26) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 57 පුද්ගලයෙකි.
තම ගෙවත්තේ කෙසෙල් පඳුරක් සුද්ධ කරමින් සිටියදී එහි තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
දෙබරුන්ගේ විෂ සහිත විත නැමැති කොටස් 50 කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරේ තිබී ගලවා ඉවත් කර මොහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd