(යොහාන් භාසුර)
ඇමෙරිකාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවලින් මෙරට රජයේ රෝහල්වලට පරිත්‍යාග කළ ඖෂධ සහ උපකරණ අඩංගු කන්ටේනර් දෙකක් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එම්.ආර්.ඒ.) නොසැලකිල්ල හේතුවෙන් දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව කොළඹ ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසූහ.
මෙම කන්ටේනර් දෙක නිදහස් කරගැනීමට අදාල බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද පළක් නොවූ බවත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය රජයට හෝ සංවිධානවලට ලැබෙන පරිත්‍යාගවලට අනුමැතිය නොදීමෙන් විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති බවත් ස්වාමීන්වහන්සේ කීහ.
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ප්‍රමාද වීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ද විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව කී රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේ පැවසුවේ මහජන මුදල් එසේ නාස්ති කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් අවදානය යොමුකළ යුතු බවත්ය.
රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්‍ෂමතාව සහ නොසැලකිල්ල හේතුවෙන් විදේශවලින් ලැබෙන පරිත්‍යාග අහිමිවීමේ අවදානමක් ඇති බව කියන සුභූති ස්වාමීන්වහන්සේ රෝහල් සේවා මණ්ඩලය වසර 10 කට අධික කාලයක සිට රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියට රුපියල් කෝටි 5,000 ක පමණ ඖෂධ සහ වෛද්‍ය උපකරණ රෝහල් 400 කට පමණ බෙදාහැර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරති.
රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියට එල්ල වන එම චෝදනාව පිළිබඳව එ අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී පැවසුවේ මෙරට පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳව විශාල ගැටලු මතුව ඇති බවත් එම ගැටලු නිරාකරණය කිරීමෙන් තොරව අනුමැතිය දීමේ හැකියාවක් නොමැති බවත්ය.
පරිත්‍යාග ලෙස ලැබෙන ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල මෙරට නියෝජිතයන් සිටින අවස්ථාවලදී පරිත්‍යාගවලට අනුමැති දීමට එම නියෝජිතයන් විරුද්ධ වන බවත් එවැනි තත්වයන්වලදී අනුමැතිය ගැනීමට කාලයක් ගතවන බවත්ය.
මෙම කන්ටේනර් දෙක පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමේදී පැවසුවේ එවැනි බහලුම් දෙකක් පිළිබඳව නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නියමිත අනුමැතිය සහිතව ඒවා නිදහස් කරගැනීමට පැමිණි අවස්ථාවේදී පමණක් බහලුම්වල තිබෙන භාණ්ඩ ගැන රේගුව දැනුවත් වන බවත්ය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තෑගි ලැබුණු ඖෂධ - උපකරණ වරායේ හිරවෙලා
Venura Monday, 11 December 2023 02:54 PM
මේ පරිත්‍යාග වශයෙන් එන බෙහෙත් ගොඩක් ඒවා කල් පැනල, නැතිනම් කල් පනින්න ඔන්න මෙන්න. සමහර පරිත්‍යාග බෙහෙත් උපකරණ ලංකාවේ කිසිදා භාවිත නොකරන ඒවා. ඒවා ඒ රටවල් වලදී විනාශ කරන්න ලොකු වියදමක් යන නිසා නිකම්ම ලංකාවට එවනවා. අපේ අය මේවා ගෙනත් මුණු ලොකු කර ගන්න , ප්‍රසිධිය ගන්න ලංකාවට ගේනවා. මේවා කරන්නේ NGO නඩ ප්‍රසිද්ධ වෙන්න, සල්ලි ගරන්න.
බද්රානි Monday, 11 December 2023 05:29 PM
VENURA නමින් අදහස් පලකොට ඇති තැනැත්තා, ලංකාවේ දොස්තර මාෆියා කල්ලි සාමාජිකයෙක් මෙන්ම ඖෂධ ජාවාරමට සම්බන්ධ අයෙක් දැයි සක සහිතයි... ලෝකයේ අනෙක් රටවලුත් ලංකාව වැනි අමනයින්ගේ දේශයන් යයි "වෙනුර" නමැති නුගත් අඥානයා සිතනවා නම්, එය විශාල නොදැනුවත් කමක්... ලංකාවේ ජනතාවගේ අධම ආකල්ප හා අවනීති ලෝකයේ සංවර්ධිත රටවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන් ඖෂධ සම්බන්ධයෙන් නීති ඉතාමත්ම දැඩියි... NGO සංවිධාන මගින් කරන දේවල් විවේචනය කරන්න කලින් ඔවුන් කරන සේවය අගයන්න පුරුදු වෙන්න...අර මොකක්ද කසා ගන්න නියපොත්ත නැතත්, උද්දච්ජ කම නම්, තියනවා මහා ලොකුවට... මම නම් කියන්නේ මෙවුන්ට බෙහෙත් නැතිවම මැරෙන්න ඉඩ හරින්න ඕනා... කිසිම රටකින් මොවුන්ට ආධාර නොකළ යුතුයි....