IMG-LOGO

තැපෑලේ සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න බෑ

(අංජුල මහික වීරරත්න)

විධිමත් සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්නේ නැතිව කරන තැපැල් වැඩ වර්ජනය කිසිසේත් අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙන අතර ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

"තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ පාඩුවට. අපිට දැන් අවශ්‍ය කරන්නේ මීට අවුරුදු එකසිය ගාණකට කලින් තිබුණ තැපැල් දෙපාර්තමේන්තුව නොවේ.තවත් වාණිජ ආයතන ගණනාවක් සමග තරග කළ හැකි නවීකරණය කළ තැපැල් දෙපාර්තමේන්තුවක් අපට අවශ්‍යයි. 

තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලැබුවොත් තමයි භාණ්ඩාගාරය හරහා රටට වාසියක් අත්වෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තුවට විශ්වාසයක් කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට විශාල මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. 

මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුවට හෝ තැපැල් සේවයට කිසිදු වාසියක් නෑ. වෙන්නේ තවත් අඩියක් දෙකක් පස්සට යන එක. ඒ නැති වුණ විශ්වාසය යළි අත්පත් කරගන්න තවත් කාලයක් ගත වෙනවා. 

සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නිරන්තරයෙන් අපි අදහස් හුවමාරු කරගන්නවා. මේ විටින් විට සිදුකරන වැඩවර්ජන නිසා ඇත්තටම තමන්ගේ සේවයටම හානියක් කරගන්නවා. 



අදහස් (1)

තැපෑලේ සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න බෑ

මහසෙන් Tuesday, 15 July 2025 02:35 PM

කයියනායක අංක 2 මේ. ඒ දවස්වල සේවකයෝ කුලප්පු කරලා වර්ජන කරවන කොට ඕවා තේරුම් ගන්න බැරි වෙන්න ඇති නේ ද බබාට. බොරුවෙන් උපන් අය විනාශ වෙන්නෙත් බොරුවෙන්මයි.

:       6       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site