තුර්කියේ අන්කාරා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි.

ඒ සමඟ දෙවැනි බෝම්බකරු වෙඩි තැබීමට පටන්ගෙන ඇත. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා එම ත්‍රස්තවාදීයා මෙල්ල කරගත්තේය.

තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇත්තේ ද  අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය අසලය.

නිවාඩුවෙන් පසු තුර්කි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබුණේ දිනයේය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරැණි.