
(සුජිත් හේවාජුලිගේ)
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇත
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.50ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම රෝගීන් සංඛ්‍යාව 32,054කි.
එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස වාර්තා වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් නිවේදනය කරන්නේ මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක් ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් ද වාර්තා වී ඇති බවය.
ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් වශයෙන් වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd