(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ" ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් " පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වැදගත් සන්නිවේදන රැහැන් පෞද්ගලික සමාගම් සතුවුවහොත් ජාතික ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් අනතුරට ලක්වී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් කවර කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට විය හැකි බලපෑම සමාලෝචනය කිරීම වැදගත් බවද වාර්තාව සඳහන් කළේය.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයවීමෙන් පසු නිවැරදි බදු ගෙවීම පැහැර හරිමින් ආයතනය නිත්‍යානුකූල ව්‍යාපාර කටයුතුවලින් බැහැරව වෙනත් ආදායම් ඉපැයිය හැකි තැනකට තල්ලු විය හැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මෙසේ හෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට කමිටුව නිර්දේශ නොකරන බවද වාර්තාවේ දැක්වේ.
එසේම ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට හෝ ඔවුනට උපකාර කළ කිසිවකුට හෝ අසාදු ලේඛන ගත කර ඇති සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවද එම වාර්තාව නිර්දේශ කරයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළහොත් එහි බහුතර කොටස්වල අයිතිය සහ පාලනය පෞද්ගලික ආයෝජකයන් සතු වන හෙයින් ඔවුන් සිය ලාභය මිස රටේ පැවැත්ම ගැන කල්පනා නොකරනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්
prasanna Friday, 09 June 2023 03:55 PM
රජයෙ ආයතන වගෙ නෙමේ පෞද්ගලික අංශයෙ ආයතන නියම විනයක් ඇතිව වැඩකරනව...පාස්කු ප්‍රහාරය වෙන බවට සියලු තොරතුරු ලැබිලත් එය වලක්ව ගන්න බැරි උනෙ රජ්ය ආයතනවල තියෙනෙ අලසකම නිසා...මෙතන ගොන් ටෝක්ඩ දාන්න එනව.
Athula rajapakshe Friday, 09 June 2023 04:03 PM
එළ සරත් එළ...
WCA Friday, 09 June 2023 06:19 PM
සරත්ගේ බිල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ මොවුන්ගේ ආරක්ෂාව තමයි.. නැතුව ජනතාව නෙවෙයි, ජනතාවට හෙන ගැහුවත් ජාතික ආරක්ෂාව ඉස්සරහට දාගෙන දේශපාලකයින්ගේ ආරක්ෂාව හදාගන්න එක තමයි හැමදාම කරන්නේ...