(අංජුල මහික වීරරත්න)
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.
වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.
වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී. වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හයදෙන
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්
මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
Samare Monday, 05 May 2025 05:18 PM
මේ ඉන්නේ පහුගිය අවුරුදු 75 අවතාරද කියලා හිතෙන්නේ මේවාට තමයි. පහුගිය කාලේ පිටරට ආයෝජකයින් එපා කියපු අය දැන් එන්න කියන්නේ මොනවා හරි රහ වැටිලාද?
de silva Monday, 05 May 2025 05:37 PM
විහිලු කතා ආයෝජකයින්ට ඉතා හිතකර වියට්නාමයේ ආයෝජනය නොකර වියට්නාම් ආයෝජකයෝ මෙහේ ඒවිද රජයේ කාර්යාලවල රස්තියාදු වෙන්න... නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලට 100% බදු ගෙවන්න... අපනයනය කරන භාණ්ඩ සඳහාත් 15% අපනයන බදු ගෙවන්න. තීරු බදු සහ අනෙක් බදු වියට්නාමයේ මට්ටමට අඩු කළොත් ඒවි. එහෙම නැතිනම් ඔවුන්ගේ මොලේ නරක් වෙන්න ඕනේ...