(රංජන් කටුගම්පොල)

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ‘චැනල් ෆෝ’ නාලිකාවේ හෙළිවූ තොරතුරු මත  ත‍්‍රස්තවාදය වැළැක්විය පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රැදවූම් නියෝගයක් යටතේ තබාගැනීම වළකාලන ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අභියානාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුවර්සි හේරත් මහත්මිය ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරන විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂක ෂානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

පෙත්සම අධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සමකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු කිහිපයක් අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වුවත් සාධාරණ හේතු තිබිය යුතු බවයි.