
(චන්ද්‍රසේන ගමගේ )
රන්න ආනන්දාරාම විහාර මං සන්ධිය ආසන්නයේ ඇති කඩ කාමර තුනක් අද (26)පෙරවරුවේ දී ගිනි ගිනිගැනීමෙන් දැඩි අලාභ හානි සිදු වී තිබිණි.
හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇති ව ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර පසුව තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීය.
හදිසියේ ඇති වූ මෙම ගිනි ගැනීම නිසා මෝටර් රථ උපකරණ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පසු වෛද්‍ය මධ්‍යස්ථානයක් හා විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ස්ථානයකට හානි වී තිබිණි .
ගින්නට හේතුව විදුලිය කාන්දු වීමක් බවට පොලිසිය සැක කරයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd