IMG-LOGO

ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1815 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බදාදා (08) උදෑසන 6 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින්  1815 ක් අත්අඩංගුවට ගෙන වාහන 595 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු බදාදා(08) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 17717 ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 4586  ක් බවත් පොලිස් මාධ්‍ය ‍කොට්ඨාසය පවසා සිටී.
 



අදහස් (2)

ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1815 ක් අත්අඩංගුවට

ලුම්බිණි Wednesday, 08 April 2020 08:18 AM

මේ අයට දඩයක් ගහල නිදහස් කළා නම් මෙච්චර කරදර වෙන්න ඕන නැහැ නේද?

:       0       0

wije Wednesday, 08 April 2020 09:45 AM

බස්නාහිර පළාතට , යාපනයට , පුත්තලමට , නුවරට මාර්තු 20 වෙනිදා දාපු ඇදිරිනීතිය තවමත් එක දිගටම ක්‍රියාත්මකයි. ඉතින් කොහොමද මිනිස්සු ඇදිරිනීති නොකඩා ඉන්නේ අපේ රටේ නිසා මෙහෙම හරි තත්වය හොදයි. ඉන්දියාවේ වගේ මිනිස්සු හිටියානම් මේ වෙනකොට පාරට බැහැලා ලොකු උද්ගෝෂණයක් කරලා පොලිසියෙන් වෙඩි තියලා ලොකු විනාශයක් වෙලා. AC කාමරවල ඉදගෙන තීන්දු තීරණ ගන්න අයට මොන අඩුවක්ද ? වෙලාවට පඩිය ලැබෙනවා සියලුම දීමනා ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. පොඩ්ඩක් සාමාන්‍ය මිනිස්සු ගැනත් හිතලා තීරණ ගන්න. ඇදිරිනීතිය නොදා ඉන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒකත් යම්කිසි ක්‍රමවේදෙකටයි වෙන්න ඕනා. සහන මලු ලැබෙනවා කියලා TV එකේනම් පෙන්නනවා. හැබැයි අපි දන්න කිසිම අහිංසක මනුස්සයකුට ලැබිලා නැහැ. ඒවා ගැන හොයලා බලන්නත් කවුරුවත් නැහැ. තමන්ගේ දරුවෝ බඩගින්නේ අඩනකොට තාත්තලා ඇදිරිනීති කඩලා හරි දරුවන්ට මොනවාහරි හොයාගෙන එන්න පාරට බහිනවා. සහන මලු බෙදන එකත් හමුදාවටම බාරදෙන්න. හොර දේශපාලකයින්ට බාරදෙන්න එපා. එයාල දෙන්නේ එයාලගේ හිතවත් අයට විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 528 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site