IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කෝටි හතරක අධික දේපොළ තහනම් කරයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත්  ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික  වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි..

ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම , එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05 ක ඉඩම රත්ගම  පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩමද කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත හෙක්ටයාර් 0.0373 ඉඩම මෙන්ම රුපියල් ලක්ෂ එකසිය 120 ක් වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 16 ක් වටිනා තීරෝද රථයක් තහනම් කළ දේපෙළවලට අයත් වේ.

 



අදහස් (1)

කෝටි හතරක අධික දේපොළ තහනම් කරයි

m. saman perera Tuesday, 22 July 2025 11:34 AM

මත්ද්‍රව්‍ය විකුණලා ලැබෙන සල්ලි යාදෙන්නේ නැහැ , ලෙඩද, දුක් හැදිලා මැරිලා යනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site