IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද?

බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  ප්‍රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරනු ලැබුවේ කොමිස් මුදලක් අපේක්ෂාවෙන්දැයි සැක සහිත බව තානාපති ආරංචි මාර්ග පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දැක්වූ විවිධ අංශවල ප්‍රමුඛ පෙළේ චීන සමාගම් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාකච්ඡා පැවැත්වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ඒ අතර කොළඹ වරාය නගරයේ මුල්‍ය මධ්‍යස්ථානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ආයෝජනය කිරීමට කැප වූ චයිනා හාබර් සමාගමද සිටි බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

හුනාන් ඉන්ෆස්ට්‍රක්චර් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පල කළ බවත් චයිනා රේල් සමාගම සහ එහි හවුල්කරුවන් කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා සාකච්ඡා කළ බවත් ආරංචි මාර්ග පවසා ඇත.

මෙම සමාගම් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා කැමැත්ත පළ කරමින් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

විශේෂයෙන් සයිනොෆාම් සමාගම කලාපයේ වෙළඳපොළට පිවිසීම සඳහා මෙරට ඖෂධ නිපදවීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සාකච්ඡා කළත් පසුව එම කර්මාන්තශාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිකිරීමට එම සමාගම තීරණය කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ තිබූ සංචාරක සීමා, කොවිඩ් වසංගතය සහ දේශපාලන ස්ථාවරත්වය මෙම ව්‍යාපෘති සාකච්ඡාවලට බාධා එල්ල කළ බවත් ඇතැම් සාකච්ඡා වර්තමානයේ නැවත ආරම්භ වී තිබෙන බවත් ඒ පිළිබඳ ශ්‍රී ලංකාව දැඩිව උනන්දු විය යුතු බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ. (ඩේලිමිරර්) 

034



අදහස් (2)

කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද?

යෝගා Monday, 22 May 2023 06:05 PM

වෙන්න පුළුවන්. හුඟක් රජයේ නිලධාරීන් ඩොලර් වලට ඇමරිකාවටයි, ඉන්දියාවටයි විකිණිලා... ළමයි පිටරට නම් ඒක එහෙම්ම තමයි...

:       2       59

කිරිපුතා Tuesday, 23 May 2023 09:31 AM

දේශපාලකයාගේ සිට සියලුම රජයේ ඉහළ පෙළේ හෝ සෙසුු නිළධාරීන් කොමිස් වලට වංචා හොරකම් වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ .මේවා හදන්න ඉස්සෙල්ලාම පාලකය හොරෙක් නොවෙන්න ඕන. ඒක මේ කපේ වෙන්නෙ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 115 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 706 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 168 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 684 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 282 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 452 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 998 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1435 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site