IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කුස ගිනි කාරයන් අඩු වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 3.9 තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ දැක්වේ.

උතුරු ,නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජනතාව වැඩි වශයෙන් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ නමුත් පසුගිය වසරේ ජූනි සහ ජූලි මාසයන් සමඟ සැසඳීමේ දී මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පිරිස සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ 66000 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණත් මේ වන විට එම පිරිස 10000 දක්වා අඩු වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ආහාර සුරක්ෂිතතාවය වර්ධනය වීමට යහපත් ආහාර පරිභෝජනය ,ආහාර මිල යම්තාක් දුරට අඩු වීම සහ අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම වර්ධනය වීම යන කරුණු බලපා ඇත.

තවමත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.

වතුකරයේ පවුල් වල, සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන සහ දෛනික වැටුප් ලබන පවුල්වල උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් තවමත් වාර්තා වන බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

 



අදහස් (3)

කුස ගිනි කාරයන් අඩු වෙලා

pakeer Monday, 29 May 2023 09:38 PM

යෝගට් එකක් අයිස් ක්‍රීම් එකක් කාපු කාලයක් මතක නෑ .කාලකන්නි මූසල දේශපාලුවෝ ජනතාව ට හිතලම ඇරියා .ඕකුන්ට හෙන හතම ගහනවා .කාලකන්නි මුස්පෙන්තුන් අවජාතකයෝ

:       0       1

මොන බොරුක්ද? Tuesday, 30 May 2023 06:50 AM

පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පූජනීය වන්දනීය පූජකවරයෙක් අපි පත්තරේ දැක්කා. කුසගින්නක පාටක් පේන්නවත් නෑ. ලංකාව ගැන බොරු ප්‍රචාර පතුරුවන්න එපා!

:       0       1

wathsala Tuesday, 30 May 2023 09:49 AM

මොන බොරුද?????? ජනතාව තවත් ගොනාට අන්දන්න හදනව......

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 106 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 90 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 230 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 933 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 1004 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 242 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site