IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කුස ගින්නේ සිටි දරුවන් තිදෙනෙක් පොලිස් බාරයට

(ටෝනි කරුණානායක)

කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි. මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටියදී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බව පොලිසිය කීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධ නිලධාරිනිය  පොලීසියට කළ දැනුම්දීමක් මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි මහත්මිය විසින් දරු තිදෙනා ඔවුන් බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ පොලිසිය සඳහන් කළේය.

අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (10)

කුස ගින්නේ සිටි දරුවන් තිදෙනෙක් පොලිස් බාරයට

Bunny Preena Tuesday, 16 May 2023 04:37 PM

මේවගේ දේවල් වලට අපි සැමදෙනාම තමන්ට හැකි අයුරින් ආධාර උපකාර ලබා දිය යුතුයි .ළමයින්ට උගත් කම දීලා ඒගොල්ලොන්ගේ නෙත් පාදනවා කියන්නේ ලොකුම ලොකු පින්කමක්

:       0       2

Lishan Tuesday, 16 May 2023 05:14 PM

කණගාටු දායක තත්වයක්

:       0       1

C.K.Lankaputhra Tuesday, 16 May 2023 06:28 PM

මේ තමයි රාජපක්ෂ දේශපාලනය රටට අත්කර දුන් විනාශය.

:       1       3

බද්රානි Tuesday, 16 May 2023 06:35 PM

බල්ලෝ බළල්ලු වගේ දරුවන්ව ජාතක කරලා මහපාරට ඇදලා දාන්න නම්, මේ අමන සිංහලයෝ හරිම හපන්නු... ඇත්තටම මෙවුන් දරුවෙක් ගැනවත් සානුකම්පිත හැගීමක් නැති තිරිසන් ජාතියක්.

:       0       1

නිහාල් Tuesday, 16 May 2023 07:05 PM

රට පුරා කිසිදා සාදා නිම කල නොහැකි පන්සල් හදනවාට වඩා මේ වගේ ලමයින්ට දායකත්වයක් දිය හැකි නම් එය කොතරම් වටී ද.

:       0       2

Malaka Bandara Tuesday, 16 May 2023 07:58 PM

ධාන්‍ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා, අරපිරිමැස්මට පුරුදුවෙලා, බිඳලව් දුක සංකා... පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා...

:       0       1

Priyan.... Tuesday, 16 May 2023 08:44 PM

මිනුවන්ගොඩ ?ලොරි ටෝක් දෙන බොහොම ප්‍රසිද්ධ දේශපාලුවෝ ඉන් පලාතක් නේද?කප්පම් කාරයෝ ..මාරයෝ ..කුඩු රජාලා එක්ක ඩීල් විතරයි ඔය සක්කිලින්ට තියෙන්නේ .කතාව නම් තමන්ගේ මැතිවරණ කොට්ඨාශය සර්ව සම්පූර්ණ ගානට තමා

:       0       1

chandima Tuesday, 16 May 2023 10:21 PM

කලකට පෙර අර නෙළුම් කුළුණු හදපු කාලෙද? නැතිනම් කුමාරවරු ලැම්බෝගිනි කුමාරවරු රේස් පැදපු කාලෙද? නැතිනම් ඒ උත්තමයෝ චන්ද්‍රිකා යවපු කාලෙද? එහෙම නැතිනම් අර්ජුන් මහේන්ද්‍රන්ට කෝටි ගණන් පඩි ගෙවලා රස්සාවකුත් දීලා බැංකුවටත් විදලා යන්න ගිය කාලෙද?

:       0       2

chandima Wednesday, 17 May 2023 01:22 AM

එතකොට අර ළමා ආරක්ෂක දෙපාර්තමේන්තු ,සමාජ සේවා දෙපාර්තමේන්තු අරවා මේවා කියන දෙපාර්තමේන්තු වල උන් බුදිද ?නැතිනම් මොකටද හැම එකාම පොලිසියට කියන්නේ?එක්කෝ ඒ දෙපාර්තමේන්තු වහලා දාන්න ඕන

:       0       1

Ahmed (Gulf) Wednesday, 17 May 2023 01:38 AM

රනිල්හේ ආශ්චර්ය දෝරේ ගලනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 64 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 611 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 143 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 609 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 253 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 419 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 994 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1434 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site