IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි

බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමසන් වැසි වනාන්තරය, ලතින් ඇමෙරිකා රටවල් කීපයක් පුරා පැතිර පවතින අතර, එයින් එක් රටක් වන්නේ බොලීවියාවය. මෙම සැහැල්ලු ගුවන් යානය, කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරුවකු රැගෙන ඇමසන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබියදී එය හිටිහැටියේ අතුරුදන් විය. ඒ, පසුගිය සිකුරාදා (2) දිනයේය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, යානය වනාන්තරයට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින් එය සොයා යද්දී ඔවුන්ට වගුරක තිබී යානය හමුවුණු අතර, යානයේ නියමුවා, කාන්තාවන් තිදෙනා සහ කුඩා දරුවා යානයේ වහලයට වී සිටිනු දැකගත හැකි විය. 
යානයෙන් අඩක් වගුරේ ගිලී ගොස් තිබුණු අතර, එම වගුර කිඹුලන්ගෙන් පිරී ගිය එකක් යැයැ පැවැසෙයි. 

29 හැවිරිදි යානයේ නියමුවා පසුව පැවැසුවේ, යානය වගුරට ඉහළින් පියාසර කරද්දී ඇන්ජිමේ දෝෂයක් හටගත් බැවින්, යානය හදිසි ගොඩබෑමක් ලෙස වගුරට පතිත කළ බවය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පැවැසුවේ නියමුවාත්, කාන්තාවන් තිදෙනාත්, කුඩා දරුවාත් යහතින් පසුවන බවත්, ඔවුන් සුළු තුවාල ලබා සිටින බවත්ය. 

ගුවන් යානය, උතුරු බොලිවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනිඩෑඩ් නුවර තෙක් පියාසර කරමින් තිබියදී මෙම අකරතැබ්බට මුහුණ දුන් බව ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 90 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.


සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
2025 මැයි මස 04 410 0

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු


ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී
2025 මැයි මස 04 359 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 04 906 0

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්


වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 510 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 1286 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 613 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site