(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ විධිවිධාන මඟින් ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද ක්‍රීඩා නියෝග වරින් වර සංශෝධනය කිරීම හේතුවෙන් විවිධ අපහැදිලිතා මතුව ඇති බවත්, ක්‍රීඩාව දේශපාලනීකරණය වීම හේතුවෙන් ක්‍රීඩාවේ තිබිය යුතු ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය ගිලිහි යමින් පවතින බවත් නිරීක්ෂණය කර ඇත.
එබැවින්, ක්‍රීඩාව තුළ සිදු වන වංචා හා දූෂණ වැළැක්වීමේ සහ ස්වාධීන හා අපක්ෂපාතී ලෙස ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමේ අරමුණු සහිතව ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනය, කාර්යය, බලතල, කර්තව්‍ය සහ පොදු විධිවිධාන සම්බන්ධයෙන් 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සාදනු ලදුව අංක 2437/24 දරන 2025-05-21 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ක්‍රීඩාවේ දූෂණ නවත්තන නියෝග පාර්ලිමේන්තුවට