
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත.
1983 වසරේ ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේය. එදා ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කරා මෙහෙයවීම කෙළ් කපිල් දේව්ය.
‘මට කිසිම කෙනෙක් ආරාධනා කළේ නැහැ. සංවිධායකයන්ට මාව අමතක වුණා.’ යැයි කපිල් දේව් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.
ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර පසුගිය දා පැවැති අවසන් මහා තරගය නැරැඹීමට ඉන්දීය බොලිවුඞ් තරු රැසක් ඇරැයුම් ලැබ පැමිණ සිටියහ. බොලිවුඞ් නළු රන්වීර් කපූර් ද ඒ අතර සිටියේය.
2021 වසරේ තිරගත වූ ‘83’ නමැති බොලිවුඞ් චිත්‍රපටයේ කපිල් දේව්ගේ රචිතය රඟ දැක්වූයේ රන්වීර් ය. ‘83’ යනු කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලනය ජයග්‍රහණය කිරීම පාදක කර ගත් චිත්‍රපටයයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සංවිධායක මණ්ඩලය, කපිල් දේව්ට ඇරැයුම් නොකර, කපිල් දේව්ගේ චරිතය නිරූපණය කළ රන්වීර් සිංට ඇරැයුම් කිරීම විහිළුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම කොහෙත් එකයි. සීනි බෝලවලට ඇති තැන සොබාව්ක රසට නෑ. මෙහෙයි අනෙක් රටවලයි වෙනස තියෙන්නෙ මේ වගේ වැඩවලටත් බැනුම් අහන්න මහින්ද මහත්තයා ඉන්න එක.
මහින්ද මහත්මයා කලා නම් එයාට බනිනව.පැත්තක තියෙන ඒවට බනින්න රටේ ජනතාවට පිස්සු නැහැ.හැබැයි රටේ ප්‍රශ්න වලට හේතු හොයා බැලුවොත් බාගයකට හේතුව එයා තමයි.
වැඩේ කියන්නේ කපිල හිතන්නෙත් ,මහින්දයා හිතන විදිහටම තමයි .හැමදාම එයා තමයි පොර .තමන් රටට වැඩක් කරානම් .ඒක එච්චරයි .ආයේ ඕක පස්සේ ගිහින් ගිහින් ඇඹලයෝ වගේ ලෙවකන්න යන්න එපා.