(කාංචන කුමාර ආරියදාස)
පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන්නැයි වනජීවී නිලධාරීන් දැනුම්දීම හේතුවෙන් එම සතා ආහාර හිඟයකට මුහුණ දී සිටින්නේ යැයි ජනතාව පවසති.
‘කණ්ඩලමේ හැඩකාරයා’ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී විටෙක වැව දියවර මත නිදාගනිමින් නැවතත් නැගිටිමින් සිටින බවත් කෙසේ වෙතත් ප්‍රදේශයේ කිහිපදකු ඉතා සුළු ආහාර ප්‍රමාණයක් අලියා වෙත සපයන බවත් ජනතාව කීහ.
ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් මාස ගණනාවක සිට කණ්ඩලමේ හැඩකාරයා දැඩි අසාධ්‍ය තත්වයේ පසුවෙද්දී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකම මෙම වන අලියාට ප්‍රතිකාර කළ බව කී ඒ මහතා පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා කණ්ඩලමේ හැඩකාරයාගේ සුවදුක් බැලීමට පැමිණි බවත් ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් ගිරිතලේ පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසිය.
“මෙම සතාට අවශ්‍ය තන්තු සහිත ආහාර, විවිධ ආහාර ලබාදීමෙන් ප්‍රතිකාරවල ප්‍රතිඵල නැතිව යන්න පුළුවන්” යැයි පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක