IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය වසර තුනක් වන අතර, දශක දෙකකට පසු, පිටපිට දෙවරක් ධුරයේ රැඳී සිටීමට හැකිවුණු පළමු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කොන්සවර්ටිව් පක්ෂය සහ එහි නායක පීටර් ඩටන්ගෙන් අභියෝගයක් එල්ල වේවි යැයි අනුමාන කළත්, කම්කරු පක්ෂය අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීම විශේෂත්වයක් විය. 

විපක්ෂ නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඩටන්ට සිය ආසනය පවා අහිමි විය. තමන් පරාජය බාර ගන්නා බව පීටර් ඩටන් පවසා ඇත්තේ කම්කරු පක්ෂයටත්, පක්ෂ නායක නායක ඇල්බනීස්ටත් සුබ පතමිනි.

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 151 කින් සමන්විත අතර, බහුතරය ස‍ඳහා ආසන 76 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි. කම්කරු පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 85 ට වැඩි යැයි පැවැසෙයි. 

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබුණි. ගෝලීය අර්බුද හමුවේ, ඒවාට සාර්ථකව මුහුණ දෙමින්, ඕස්ට්‍රේලියානුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට තමන් කැපවන බව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සිය පාක්ෂිකයන් අමතමින් පැවැසීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 110 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.


සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
2025 මැයි මස 04 423 0

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු


ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී
2025 මැයි මස 04 372 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 04 924 0

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්


වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 512 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 1298 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 613 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site