IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඊශ්‍රායලයට එරෙහිව තවත් යෝජනාවක්

මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වලට මැදි වී අසරණ වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආරක්ෂිතව ගාසා තීරයෙන් පිටවී යෑමට ඉඩ ලබා දෙන්නැයි ඊශ්‍රායලයට බල කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් විය.

සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බල කිරීමක් එම යෝජනාව හරහා ද සිදු නොවුණු බව පැවැසෙයි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය පමණක් නොව, රුසියාව ද එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර, ඊශ්‍රායලය යෝජනාවට එකහෙලා විරෝධය දැක්වීය.

මේ වනවිට ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස සැලකෙන ‘අල් ෂිෆා’ රෝහලට ද ඊශ්‍රායල හමුදා කඩා වැදී පහර දෙයි. ඒ, හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් රෝහල තුළ පිහිටුවා ඇති බැවිනි. හමාස් සටන්කාමීන් රෝහලේ රෝගීන් සහ පලස්තීන සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගෙන ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.

‘අල් ෂිෆා’ රෝහලේ හමාස් සටන්කාමීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ. හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානය පිළිබඳ තමන් ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු ලබා දුන් නමුත්, පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් රෝහලට කඩා වැදී පහර දීමට ඊශ්‍රායලයට උපදෙස් නොදුන් බව ඇමෙරිකාව පැහැදිලි කර තිබේ.



අදහස් (3)

ඊශ්‍රායලයට එරෙහිව තවත් යෝජනාවක්

Ariyathilaka Thursday, 16 November 2023 09:45 PM

පලස්තීන, ඊශ‍්‍රායල අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනෙකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අත්සන් කරන ලද ලිපියක් බාර දී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත බාර දුන් එහි පිටපතක් ශ්‍රී ලංකා පලස්තීන තානාපතිවරයා වෙත ද බාර දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායල් ප්‍රශ්නය ඊශ්‍රායලයට විසඳගන්න ඉඩ දීලා අපි බලාගෙන ඉඳිමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිශේධ බලය හිමි රටවල් පහ අතුරින් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, සහ ප්‍රංශය, යන රටවල් තුනක රැකවරණය, අනුග්‍රහය, සියලු ආකාරයේ උපකාර ඊශ්‍රායල රාජ්‍යයට හිමිය. ඒ සමගම මහා බ්‍රිතාන්‍යය ගන්නා තීන්දු තීරණ සමඟ මහා බ්‍රිතාන්‍යයේ කිරුළ යටතේ පවතින බැවින් ඕස්ට්‍රේලියාව ද සිට ගනී. කැනඩාව දැඩි තීන්දු තීරණ ප්‍රකාශයට පත් නොකළත් මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එකඟතා බිඳ නොදමන බව නම් සහතිකයි. යුරෝපා සංගමයේ රටවල් ප්‍රංශය සහ ඉතාලියේ සහ වතිකානයේ තීන්දුවලට එරෙහිව නො යනවා ඇත. අවසානයේ කුමන තත්වයක් යටතේ වුව ද යුරෝපා සංගමය ද ඊශ්‍රායලය අත් නො හරින බව නම් සහතිකය.

:       0       0

Ariyathilaka Thursday, 16 November 2023 09:48 PM

මෙහෙයුම් සඳහා, සියලු ආකාර යුද ආධාර, යුද උපදෙස්, යුද තාක්ෂණික ආවරණය, ලැබීමත්, හමාස් සටන් කාමින් වෙනුවෙන් සහ හිස්බුල්ලා සංවිධානයට ඉරාණය සහාය දක්වන බව ඇමරිකා එකසත් ජනපදය සහ, ඊශ්‍රායලය චෝදනා කරන බැවින් සෘජුවම ඇමරිකාව සමග ඉරාණය යුදමය වශයෙන් තත්වය වර්ධනය වුවහොත්, ඇමරිකා එක්සත් ජනපදය සමඟ නේටෝවේ සමාජික රටවල් සිට ගන්නවා ඇත. නේටෝ සංවිධානයේ (NATO) ප්‍රඥප්තිය අනුව සියලු සාමාජික රටවල (රටවල 31) සාමූහික එකඟතාවයකි. මැදහත් වුවොත් තුර්කිය පමණක් වීමට ඉඩ ඇත. කුමන තත්වයක් මත වුව ද ඊශ්‍රායලයට විරුද්ධව කරන යෝජනා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කිරීමට උත්සාහ කළ ද ඇමරිකා එක්සත් ජනපදය තම නිශේධ බලය යොදා නිශ්ප්‍රභා කරනවා ඇත. මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ නිශේධ බලය ඊශායලය පක්ෂව ලැබීම නො වැළැක්විය හැකියි. අසල්වැසි ඉන්දියාවද, තම රටට ද හමාස් සංවිධානයේ ආගමික අන්තවාදයට සමගාමී ප්‍රශ්න ඇතිවීමේ ඉඩ ඇති බැවින් ඊශ්‍රායලය සම්බන්ධ ඇමරිකා එක්සත් ජනපදයේ තීරණ, තීන්දුවලට එරෙහි නො වනවා ඇත. ජපානය ද ඇමරිකා එක්සත් ජනපදයේ බලවත් මිතුරෙකු බැවින් ජපානය ද ඇමරිකාවට එරෙහි නොවනවා ඇත...

:       0       0

Ariyathilaka Thursday, 16 November 2023 09:50 PM

සංවිධානයට යොමු කරන යෝජනා, ලියකියවිලි අප්‍රයෝජන්වත් ප්‍රයත්නයක් පමණක් වන බව කිව යුතුයි. යම් යම් දේශපාලන කණ්ඩායම් සතුටු කිරීමට, දුරදිග නො බලා කටයුතු කිරීමෙන් අනාගතයේ ඇමරිකාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ බොහෝ යුරෝපා සංගමයේ රටවල් සමඟ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික හොඳ හිත නායයෑමට හේතු වනවා ඇත. නාය යෑම පෙනෙන හානිය වන විට පමණයි. එය බොහෝ පාඩු ගෙනදීමට හේතු ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site