
ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ.
සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීම සිදුවන්නේ එම වැසියන් ජීවත් වන නගරවල ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණින් යැයි පැවැසෙයි.
මේ වනවිට ඊශ්‍රායල හමුදාව සහ හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි සියල්ල හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වල නියැලෙමින් සිටී.
එහෙයින්, ගාසා තීරය ආසන්නයේ පිහිටි කුඩා නගරවල ආරක්ෂාව, නගර වැසියන්ට පැවැරීමට තීරණය කළේ යැයි ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ටම තීරණයක්