IMG-LOGO

ඇහැලේපොළ වලව්වට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් සැපත් වෙයි

(අංජුල මහික වීරරත්න)

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි. 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ. 

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි  භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි,  පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා,  ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු  ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර  ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

 



අදහස් (0)

ඇහැලේපොළ වලව්වට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් සැපත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site