(සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අගමැතිවරිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ඇමතිවරුන්ද ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.
මේ අතර කථානායක නියෝජ්‍ය කතා නායක නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇත.
එම දීමනා වෙනුවෙන් සෙසු මාස වලදීද ඊට සමාන මුදලක් වැය කෙරුණු ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකදීමනාව ලෙස රුපියල් 54285 ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් දාහක්ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් දහසක්ද මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමිවේ.
මෙයට අමතරව මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව ඉන්ධන ලබාදීම කෙරෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබාගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. මඩකළපු යාපනය දිගාමඩුලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් ලබාගත හැකිවේ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන්
sene Thursday, 17 July 2025 03:17 PM
වෙන්න බැහැ, හිතන්නවත් එපා... අපි ජීවීපේ එක සතයකුදු වන්චාවක්, වෙන්න බැහැ... ඕක ගිය ආණ්ඩුවේ ඈයෝ ගැන අපේ පිට දාපු එකක්, අපි ඇල්වතුරත් නිවලා ශීතකරණයේ දා බොන්නේ, බෝ පැල නොවේ බෝ ගස්, කතා කතාව...