IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ?

(අංජුල මහික වීරරත්න)

උතුර සහ නැගෙනහිර සහ වයඹ  පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  හෙට (17) පෙරවරුවේ දිවුරුම් දෙති.

වයඹ පළාත් අාණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායක මහත්වරුන්ගේ නම් ද ආණ්ඩුකාර තනතුරු සඳහා යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි  ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය අද 16 වැනිදා නිවේදනය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා,නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස  වසන්ත කරන්නාගොඩ මහත්ම මහත්මීහු  කටයුතු කළහ.



අදහස් (14)

අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ?

චන්දිම ෆොන්සේකා Tuesday, 16 May 2023 11:56 PM

අනේ හොඳයි හරිම හොඳයි. ගෙඩි පිටින් යුඇන්පී කාරයෝ කට්ටියක් වගේ. ආණ්ඩුකාර කියන්නේ අයිස් ජොබ් එකක්නේ. දැන් ඉතින් ජනතා චන්දෙන් ආවේ නැතත් මෝඩයන්ගේ චන්දෙන් ආපු නිසා ඕනි කෙලියක් කර ගන්න තියෙන්නේ.

:       1       2

Bamunuarachchi Wednesday, 17 May 2023 05:09 AM

උතුරේ කථා සාර්ථකයි කිව්වේ ඕක තමයි. රනිල් කාරයා බන්දේසියක තියලා රටින් කොටසක් දෙමළුන්ට දෙන්න හදන්නේ. තවටික දවසකින් පොලිස් බලතල දුන්නාම ISGA ගිවිසුම අත්සන් කරන්න විතරයි තිබෙන්නේ. ඝෝටා නැති රටට රනිලා රට කනයා කියන්න වෙනවා.

:       2       1

Demuni Uduwara Wednesday, 17 May 2023 05:14 AM

දේශපාලන වාසි තකා කරපු වැඩක්!

:       1       1

WCA Wednesday, 17 May 2023 06:19 AM

ඔක්කොම හෙන්චයියෝ තමයි

:       1       1

ravin Wednesday, 17 May 2023 07:01 AM

මෙහි දී චාල්ස් මහත්මිය යනු හිටපු දක්ෂ අවංක පරිපාලනය පිළබඳ මනා දැනුමක් ඇති නිලධාරිනියෙකි .එවැනි අය ආණ්ඩුකාරවරුන් ලෙස පත්කිරීමෙන් බිඳවැටී තිබෙන රාජ්‍ය පරිපාලනය යතා තත්වයට ගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු

:       3       3

සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:30 AM

නාකි පප්පො දෙකයි, නාකි පප්පිච්චියො එකයි. එන්න අපි නාකි නඩත්තු කරන්න බදු ගෙවමු.

:       2       3

කීර්ති වර්ණකුලසූරිය Wednesday, 17 May 2023 08:05 AM

පී.එස්.එම් චාල්ස් ගේම ලස්සනට ගහල වගේ

:       0       6

නිහාල් Wednesday, 17 May 2023 08:27 AM

චාල්ස් කියන්නේ අවුරුදු දෙකක් පඩි අරන් මැතිවරණය ළඟ එනකොට බෑ කියලා ඉල්ලලා අස්වුනු කෙනා නේද

:       0       4

rattu Wednesday, 17 May 2023 08:33 AM

නැගෙනහිර මේ පාර සිංහලයෙකුට නේ .ඉතුරු පුදබිම් ටිකත් පැරණි කෝවිල් බවට ඔප්පුකරයි .සුළු චන්ද විතරයි පිනාට වැටෙන්නේ

:       0       2

Gaston Wednesday, 17 May 2023 08:51 AM

තිරිකුනාමලේ අපට තියෙන සම්පතක්. මේ නගරයට සාධාරණයක් කරන්න මුදල් වෙන්කරන්නෙත් නෑ , කරන්න දෙන්නෙත් නෑ , කරන්න එකෙකුත් නෑ . ඒවාට මුදල් වෙන්කලත් චන්ද ප්‍රචාරණ වලට වියදම් කරන්නේ. ඒවගේ කරනෙවුන්ව තමයි පත්කරගන්නේ. උදාහරණයක් නම්, මාළු මාකට් එකේ මැද ගඩොල් සහ බිත්ති කඩපු කුණු ගොඩක් ගහල, මාළු විකුණන්නන් මාළු විකුනන්නේ බිම තියාගෙන. ලැජ්ජයි. ඕක කරන්න හෝ කරන්න යුතු යෝජනා ඉදිරිපත් කරන්න වාස්තු වේදී සංගමයට අරාධනා කර නිර්මාණකරුවන්ගේ යෝජනා ලබාගන්න. කැනඩාවේ ලස්සන වැන්කුවර්හි ආණ්ඩුකාරවරයා බවට පත්කළේ වාස්තු වේදියෙක් . ඔහු එම නගරය ඉතා ආකර්ශනියලෙස පරිවර්තනය කළා. තිරිකුනාමලේ සිතියම අරන් බලන්න මොනතරම් සුන්දර ලෙස එය පිහිටා ඇත්ද කියල. පරවී දුපතේ ස්නෝක්ලින්ග් / කිමිදෙන්න ඇතුල්වීමේ ගාස්තුව කියල පිටරටියෙක්ගෙන් ගන්නවා රුපියල් 15000/-ක්. නමුත් එම දුපතට ගියහම වැසිකිලියක් නැ . ප්රාතමිකත්වයේ සුන්දරත්වයක් තිබුනත් මුලික අවශ්‍යතාවයන්ට ගෙවන මුදලට කිසිවක් න. මීට අමතරව බෝට්ටුවට එක්කෙනෙකුට රුපියල් 7500/- යි. කිමිදෙනවානම් තව ටිකට් එකක් කඩනවා. ඉතින් මොකාද මෙහෙම වියදම් කරලා මේ තැන වලට එන්නේ? චාල්ස් මහත්මිය කරයි, බලන් ඉන්න.

:       0       3

Ane Wednesday, 17 May 2023 08:53 AM

හුචාල්ස්ගේ මූන දැක්කම ගොඩක් වැඩ කරන්න හිතේ තියාගෙන ඉන්නවා කියල පෙනෙනවා

:       0       6

කිරිපුතා Wednesday, 17 May 2023 09:12 AM

මේක මේ විදිහට වෙන වග දැණුනා. ඒක තමයි පිනට පහළවුන් අරයගෙ දැක්ම. ආර්ථිකය නම් කවුරු හරි ගොඩ ගනී. ඊට වඩා හදන්න බැරි ප්‍රශ්න මතුකරලා තියලා මෙයා මාරුවෙන ලකුණු දැන් පෙන්නුම් කරනවා

:       4       8

චිරන්ත Wednesday, 17 May 2023 11:22 AM

අනේ කිරිපුතේ උඹ නොදන්නා වුනත් පාලනය පහසුව සදහා ගැටුම් කළමනාකරණය කියලා පාලන උපක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් වැඩිවෙන වෙලාවට ගැටුමක් ඇතිකලාම ප්‍රශ්නය වෙනසක් වෙන්නෙ පුළුවන් ඒක තමයි මෙතනදි වෙලා තියෙන්නෙ විසදන්න බැරි ප්‍රශ්න හදල මගහැරීම තමයි ගැටුම් කළමනාකරණය කියලා කියන්නෙ ඒක හරියට රටේ පාලනය සදහා ජනතාව පත්කරන මන්ත්‍රීලා දෙපසට බෙදී රට හැදීම පසෙකලා කුළල්කා ගැනීමත් ජනතාව රවටා කටයුතු කර දෙපිරිසම තම තමන් පෝෂණය වීම ගැටුම් කළමනාකරණය කියලා හිතෙනවා

:       0       1

BamunuarachchiFriday, 19 May 2023 03:59 PM

එතකොට අපි මෙයාගේ වලට හෙන ඉල්ලනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 313 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 373 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 283 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 416 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 577 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 186 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1473 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site