IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අල්ලස්ගත් සංවර්ධන නිලධාරී-රියදුරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව  සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත.

කෘමිනාශක දිලීර නාසක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියැදි වශයෙන් ගෙන පරික්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ගැනීමට රුපියල් 10,000 ක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවමත සැකකරුවන් දෙදෙනා පැමිණිලිකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව කියයි.

 



අදහස් (0)

අල්ලස්ගත් සංවර්ධන නිලධාරී-රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 176 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 384 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site