IMG-LOGO

අපේ තරුණියන් පිරිසකට ජපන් හෙද සත්කාර රැකියා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM Japan) අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජූලි 16 දින ජපානය බලා පිටත්ව යාමට නියමිත තරුණියන් 9 දෙනකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, ඒ සඳහා මේ දිනවල ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරතවන IM Japan ආයතනයේ නියෝජිතයෝ ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2017 වර්ෂයේ IM Japan සංවිධානය සමග තාක්ෂණික පුහුණුලාභීන් ජපානය වෙත යොමු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර, 2023 වර්ෂයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් ජපානය වෙත යොමු කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් කෙරිණි.

මෙම වැඩසටහන් යටතේ මේ වන විට සාත්තු සේවා, ඉදිකිරීම්, නිශ්පාදන, මෝටර් කාර්මික නඩත්තු සේවා, කෘෂිකර්ම යන රැකියා ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික පුහුණුලාභීන් ලෙස 589 ක් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දී ඇති අතර, හෙද සත්කාරක සහ ආහාර සේවා කර්මාන්තය යටතේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් 43 දෙනෙකු ජපානය වෙත යොමු කර ඇත.



අදහස් (0)

අපේ තරුණියන් පිරිසකට ජපන් හෙද සත්කාර රැකියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site