පික්මී සමාගම, ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සමග ඇති කරගත් නව ගිවිසුමකට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) තුළ කුලී රථ නැවතුම්පළත් ක්‍රියාත්මක කර ඇත.
මෙම නව වැඩපිලිවෙළ විදෙස් සංචාරකයන්ට පහසුදායක වනවා මෙන්ම, ඔවුන්ගේ ගමන් රටා අධීක්ෂණය කිරිමට ද රුකුලක් වනු ඇත. එමෙන්ම එක් පික්මී වාහනයකින් රු. 700/- බැගින් අමතර ආදායමක් ඉපැයීමේ අවස්ථාව ද BIA හට ලැබෙන බව එම ආයතනය සඳහන් කරයි.
පික්මී හි ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆාර් ජිෆ්රි මහතා මෙසේ පැවැසීය. BIA හි පාරිභෝගික අත්දැකීම් වැඩිකර එහි දියුණුව උදෙසා ගුවන් තොටුපොළ සමඟ එක්ව කටයුතු කිරීමට අප සමාගම බලාපොරොත්තු වනවා. අපගේ වාහන ගමනාගමනය පිළිබඳව බලධාරීන් යාවත්කාලීන කිරීම සඳහා දෛනික වාර්තාවක් BIA වෙත ලබාදෙනවා. ඒ තුළින් අධිකාරියට මෙන්ම, සංචාරක කර්මාන්තයටත් පෞද්ගලික සංචාරකයන්ගේ (Fits) පැමිණීම් සහ අපක්‍රමණය ගණනය කිරීමට හැකි වන අතර ඔවුන් රට තුළ රැඳී සිටින පෙදෙස් සහ ගමන් කරන ආකාරය පිළිබඳව පහසුවෙන් අවබෝධ කර ගැනීමටද ඉවහලක් වනවා. විදේශීය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිට රටේ ඕනෑම ප්‍රදේශයකට ඉතා සාධාරණ මිලකට ගමන් කිරිමට ඉඩ ලැබෙන අතරම විනිවිදභාවයෙන් යුත් පැහැදිලි ක්‍රියාවලියකට ප්‍රවේශවීමට හැකි වනවා. රට පුරා සැරිසරමින් වීඩියෝ සහ බ්ලොග් නිර්මාණය කරන සංචාරකයන් දැනටමත් ලොව පුරා අනෙකුත් ආගන්තුකයන් අතර පික්මී ප්‍රචලිත කර තිබෙනවා. BIA හි අනෙකුත් කුලී රථ ගාස්තුවලට වඩා අඩකටත් අඩු ගාස්තුවකට පික්මී රථයක ගමන් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
දැනට පික්මී වාහන නැවතුම්පොළ BIA සංචාරකයන් පිටවීමේ ස්ථානය අසල වර්ග අඩි 100 ක ඉඩ ප්‍රමාණයක් තුළ පිහිටා ඇත. පැය විසි හතර තුළම සේවා සපයන පික්මී ඕනෑම අවස්ථාවක එක් පිරියදුරෙක් හෝ තම වෙන්කර ඇති ස්ථානයේ නතර කොට ඇත. තමන්ටම ආවේණික වූ විශේෂ කුටියක් ගුවන් තොටුපොළ තුළ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සහ අධිකාරිය සමග පික්මී සාකච්ඡාවේ යෙදී සිටී.
595
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
Pick Me ටැක්සියකින් ගුවන් තොටුපළට රු. 700ක ආදායමක්
kodisingha Monday, 25 September 2023 09:46 PM
ඒක හොඳ අදහසක්. ආරක්ෂාව පළමුව තබා ගන්න, ඉතා හොඳ හැසිරීම් රියදුරෙකුට ගෞරව කරයි
සරත් කුමාර Thursday, 28 September 2023 03:06 PM
දැන් අර උඩුගම්පොළ පැත්තේ බඩ තඩියාට සම්බන්ධ කටුකන්නෝ ඕකට මොකක් හරි ලෙඩක් දාන්න බලයි. දේශපාලුවන්ට වගේම ඒ කටු කන්නන්ටත් කිසිම ඉඩක් දෙන්න නරකයි.
don saman Wednesday, 04 October 2023 10:02 AM
ඉතා හොඳ වැඩක්. ලංකාවට එන මගීන්ට. ඇයි දන්නවද සමහර වාහන ගන්නව ප්‍රමාණය ඉක්මවා. පික් මී ලංකාවට ඉතා සාධාරණයි. මේක දිගටම පවත්වාගෙන යන්න.