ලෝකය අල්ලේ නැටවූ මිත්තණිය
“පැසුණු හිසින් බුහුමන් ලබව්! යැයි උධෘත පාඨයක් වේ. එයින් කියවෙනුයේ මිනිසාගේ පරිණත බවේ වටිනාකමය. නොඑසේ නම් වැඩිහිටියන්ගේ අත්දැකීම්වල අගයය. ඕනෑම ක්ෂේත්රයකට පොදු වූ මෙම සනාථන ධර්මය දේශපාලනයටද අදාළ කර ගත හැකිය. උපහාසය දරා ගන්නා තැනැත්තා දියුණුවේ ඉහළටම යනු ඇතැයි රුසියානු ලේඛක නිකොලායි ගොගොල් ලීවේය. දියුණුව සඳහා වාසනාව, ආත්ම ධෛර්යය, කැපවීම යන ගුණාංගනයන්ද අවශ්‍යය. උපහාසය දරා ගැනීමද එයට එක්වන්නේ නම් වඩාත් යෝග්‍යවනු ඇත.