සාර්ථක මිනිසකු පිටුපස සිටි නිහඬ ගැහැනිය
තමන්ට කළ කොහැකිව ඇත්තේ, ස්ත්රී - පුරුෂ ලිංග විපර්යාසය පමණක් බවට, ප්රථම විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් පසු, ඇසූවන් මවිත කරවන ආන්දෝලනාත්මක ප්රකාශයක් කළ ජේ. ආර්., මුළු රටම උඩුයටිකුරු කළේ, විරුද්ධවාදීන්ගේ තර්ජනාංගුලිය, මැටි ගුලියක් තරමටවත් ගණන් නොගෙන, සිය පාර්ලිමේන්තු හයෙන් පහේ බලය පෙන්වමිනි.