චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 24 December 2019
මහ මැතිවරණයට වාමාංශික පක්ෂ එක්වූ සන්ධානයකින් තරග කරනවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානයකින් තරග කරන බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (24) සදහන් කළේය. 24 December 2019
නාය යෑමෙන්-ගං වතුරෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 4,617 ක් අවතැන් දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සමග ඇති වූ ගං වතුර හා නායයෑම් අවදානම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා තිබූ ආපදා තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියක් පවුල් 4,617කට අයත් 15,470 දෙනෙක් තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 December 2019
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වන දේශමාන්‍ය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස පත් කර ඇත. 24 December 2019
හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 24 December 2019
එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පවත්වා ඇත. 24 December 2019
ගුරු සංගමයෙන් චෝදනාවක් උසස් වීම් ලද ගුරුවරුන්ට ලැබිය යුතු වසර නවයක හිඟ වැටුප් ගෙවීම අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාත් වසර අටක් තිස්සේ මඟහරිමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසයි. 24 December 2019
හිරිහැරයට ලක්වූ ගෘහ සේවිකාවෝ 32 ක් ආපසු එති කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ. 24 December 2019
නැදුන්ගමුවේ රාජාගේ රුව මුද්දරයකට ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා හස්තියාගේ රුව ඇතුළත් රුපියල් 45 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 24 December 2019
ජාතික නිදහස් උලෙළ නිදහස් චතුරස්රයේදී මෙවර 72 වැනි ජාතික නිදහස් උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 24 December 2019
ගල්කිස්ස - කන්කසන්තුරේ දුම්රිය දෙකකට වායු සමනය කළ අමතර මැදිරියක් ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා සහ කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4021 සහ 4022 යන දුම්රිය සඳහා අද(24), හෙට(25) සහ අනිද්දා(26) යන දිනවලදී පළමු පන්තියේ වායු සමනය කළ අමතර මැදිරියක් බැගින් එක්කර ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය. 24 December 2019
පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ් රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2019
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා හදිසියේ අභාවප්‍රාප්ත ඇත. රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබේ. 24 December 2019
පාඨලීට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2019
මහනුවර - කුරුණෑගල මාර්ගය යළි ගිලා බැසීමේ අවදානමක මහනුවර - කුරුණෑගල මාර්ගයේ කටුගස්තොට සෙනරත්ගම ප්‍රදේශයේ කොටසක් නැවතත් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ. 24 December 2019
පොත් පත්තර කියවමින් චම්පික එම් වාට්ටුවේ රිමාන්ඞ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේදී පොත්පත් හා දිනපතා සතිපතා පුවත්පත් කියවමින් විවේකව ගත කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 24 December 2019
සංස්ථා-මණ්ඩල නව ප්‍රධානීන් වැඩ නොපෙන්වුවොත් අවුරුද්දෙන් ඉවතට රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ ප්‍රගතිය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනිමින් ඔවුන් තනතුරෙන් ඉවත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොන්දේසියක් පනවා ඇතැයි වාර්තා වේ. 24 December 2019
පාඨලීට නිදහස පතා මහා සංඝරත්නය සත්‍යග්‍රහයක බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නිදහස පතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී මහා සංඝරත්නය අද (23) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ. 23 December 2019
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 4 ක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කණුව ප්‍රදේශයේදී විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී සිව් දෙනෙක් මියගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි. 23 December 2019
එම්.සී.සී අධ්‍යයන කමිටුව හා අගමැති අතර හමුවක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අද(23) මුණගැසී තිබේ. 23 December 2019
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට නව රථවාහන සැලැස්මක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා අද (23) සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. 23 December 2019
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය. 23 December 2019
‘‘වසර 10 ක සේවා කාලය අවසන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා‘‘ වසර දහයක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට හිමි උසස් වීම් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (23) අම්බලන්තොට දී පැවසීය. 23 December 2019
පාඨලීගේ රියඅනතුර ගැන පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයේ අවසර හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා රාජගිරියේදී මුහුණ දුන් බව කියන රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාර අධිකාරීවරයාට අද (23) නියෝග කළාය. 23 December 2019
ජල විදුලි උත්පාදනය සියයට 70කින් ඉහළ යයි අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 70%ක පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 23 December 2019
‘අවතැන් වූවන්ට සහන සලසන්න චක්‍රලේඛ බාධාවක් කරගන්නෙපා’ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩනමින් සහන සැලසීමේදී චක්‍රලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 23 December 2019
ලංකාවේ සෞඛ්‍ය සේවා නංවන්න බ්‍රිතාන්‍ය සිසුවෙක් මුදල් රැස්කරයි ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙකු ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ. 23 December 2019
‘විරැකියා අනුපාතය පහළ දමන්න රජය දැනටමත් කටයුතු කරලා’ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ නව රජය දැනටමත් ක්‍රියාකර ඇතැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේදී අද(23) පැවසීය. 23 December 2019
දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවයි මිලියන තුන්සීයට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත දේපල වෙන්දේසි කිරිම පමණක් වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (23) පැවසීය. 23 December 2019
කොළඹ-මඩකලපු දුම්රිය ධාවනය අද සිට දින තුනක් නතර වී තිබුණු කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධානය අද (23) රාත්‍රී සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 23 December 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026