කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි. 31 March 2020
ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ ස්ථානයක් අද (31)සවස වටලා එහි සිටි කාන්තාවක ඇතුළු 18 දෙනෙකු අත් අඩංගුවට ගෙන අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පියවර ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 31 March 2020
මාරාව තැපැල්පතිනියට-බාල පුතුට කොරෝනා බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 31 March 2020
ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි. 31 March 2020
ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා තිබු ඇදිරිනීතිය උල්ලඝනය කළ 7619 දෙනෙක් අද (31) දහවල් වනවිට දිවයින පුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 March 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක ඉක්මවා ගොස් ඇත. 31 March 2020
එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවෙති කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය. 31 March 2020
පුත්තලම කඩුමයන්කුලමට එන සියලුම මාර්ග වහයි පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයට පිවිසෙන සියලුම් පිවිසුම් මාර්ග වසා දමා කිසිවකුටත් ගම්මානයට ඇතුල්විමත් පිටතවිමත් සම්පුර්ණයෙන් තහනම් කල බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 31 March 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 31 March 2020
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලක් තාවකාලිකව වහයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැළක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය. 31 March 2020
කබ්රාල්ගේ යෝජනාවට වෘත්තීය සංගම් විරෝධය අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා කර ඇති යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන එන යෝජනාවක් බැවින් එයට දැඩි විරෝධය පළ කරන බව වෘත්තිය සමිති පවසති. 31 March 2020
ඇඳිරිය තිබුණත් නඩු කටයුතුවලට යන්න නීතිඥවරුන්ට බාධාවක් නැහැ අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඇදිරි නීතිය පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන් කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. 31 March 2020
බන්ධනාගාර බස් රියක් පෙරැළී නිලධාරීන් 6ක් රෝහලේ නුවරඑළියේ සිට බදුල්ල දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් නිලධාරින් 6දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 31 March 2020
තිරිඟු පිටි ප්‍රවාහනයට දුම්රිය සේවාවක් තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සේනවිරත්න මහතා පැවසීය. 31 March 2020
ස්වයං නිරෝධායන නීති කඩ කළ අයෙක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ස්වයං නිරෝධායන කොන්දේසි උල්ලංඝණය කරන ලද පුද්ගලයෙකු බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (31) නියෝග කළාය. 31 March 2020
කොළඹ ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක 16 ක් කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වන සියළුම මාර්ග ආවරණය වන පරිදි අද (31) දින සිට පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක 16ක් ස්ථාපිත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 March 2020
අකුරණ අසාදිතයාගේ පවුලේ තිදෙනාට කොරෝනා කොරෝනා 19වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් තිදෙනාටද කොරෝනා ආසාදනය වි ඇති බව අද (31) දිනයේදි තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාපවසයි. 31 March 2020
සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 20 ක් නිදහස් කරන්න පවතින ආර්ථික අපහසුතා සමනය කිරීමේ වැඩපිළිවෙළක් ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වෙත එම අරමුදලින් සියයට විස්සක් එනම් රුපියල් බිලියන 500 ක් පමණ කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයට යෝජනා කර තිබේ. 31 March 2020
කොරෝනා යැයි සැක දියතලාව රෝහලේ කනිෂ්ඨ සේවකයෙක් බදුල්ල රෝහලට දියතලාව මූලික රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයෙකු කොරෝනා රෝග ලක්ෂණ යැයි සැකපිට බදුල්ල මහ මහ රෝහලට මාරු කර යැවූ බව දියතලාව මූලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 31 March 2020
නාවික හමුදා රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රීට ඇප ඇදිරිනීතිය නොතකා අයුතු ජනරාශියක් අවමංගල්‍ය උත්සවයකට සහභාගී කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයා ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය. 31 March 2020
හැටන් දික්ඔය පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ (31) දින සිට දින 14 ක ස්වයං නිරෝධානයකට යොමු කළ බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය. 31 March 2020
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි කොරෝනා වයිරසය ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 8,000 ඉක්මවා ගොස් ඇතැයි එරට රජය කියයි. 31 March 2020
ඉන්දියාවේ දුප්පතුන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමිලේ මාස තුනක් යනතෙක් දුප්පත්ම ජනතාවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නොමිලේ සැපයීමට ඉන්දීය රජය තීරණය කර ඇත. 31 March 2020
බේරුවල ධීවර වරායේ සියලු මත්ස්‍ය තොග මිලදී ගැනීම් හෙට සිට ධීවර සංස්ථාවට ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින මේ දිනවල බේරුවල ධීවර වරාය පරිශ්‍රයට ඇදී එන අධික ජනතාව අවම කිරීම සඳහා හෙට(01) සිට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ගොඩබාන සියලු මත්ස්‍ය තොග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා අද (31)පැවසීය. 31 March 2020
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට දැඩි නිර්දේශ කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 31 March 2020
දඹුල්ල නිකවටවන ගම්මානයේ පුද්ගලයින් 33 ක් නිරෝධායනයට මහනුවර අකුරණ ප්‍රදේශයේ දී කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පැවති නිවසකට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත අද (31) දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයන් 33 දෙනෙක් නිවාස තුලම නිරෝධායනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 31 March 2020
ජාත්‍යන්තර මුහුදේදී සොයාගත් කොකේන් - අයිස් මත්ද්‍රව්‍ය යාත්‍රාව හෙට දික්ඕවිට වරායට නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදි අයිස් නමැති මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගන්නා ලද විදේශිය යාත්‍රාව හෙට (01)දික්ඕවිට වරාය වෙත ගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි. 31 March 2020
ඉන්දියාවේ සංක්‍රමණික සේවකයන්ට රසායනික දියර ඉසීම ගැන විමර්ශනයක් ඉන්දියාවේ නිලධාරීන් පිරිසක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බරේලි නගරයේ සිට පැමිණ සංක්‍රමණික සේවකයන් පිරිසකට එසේ රසායන දියරයක් ඉස ඇත. 31 March 2020
වකුගඩු රෝගීන්ට උපදෙස් ගන්න දුරකථන අංක කිහිපයක් වකුගඩු රෝගින්ට උපදෙස් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් වල පිහිටි රෝහල් හි හදිසි දුරකතන අංක කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනුම් දී තිබේ. 31 March 2020
කොරෝනා හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුයක සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ලොව දියුණුම ආර්ථික හා සෞඛ්‍ය පද්ධති පවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. එවැනි මොහොතක ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය මෙන්ම ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් සිටින අපගේ අසල්වැසි ඉන්දියාව මහත් ඛේදවාචකයට මුහුණ පා ඇත. 31 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026