අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 11 October 2020
සෞඛ්‍ය උපදෙස් අනුව ශිෂ්‍යත්වය ඇරැඹේ කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයකදී වුවද තව දුරටත් කල් නොදමා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර 2020 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද(11) පැවැත්වීමට රජය පියවර ගෙන තිබේ. 11 October 2020
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි සීමා කෙරේ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 11 October 2020
තවත් කොරෝනා ආසාධිතයින් 103 ක් තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. 10 October 2020
ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය. 10 October 2020
ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 10 October 2020
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කරයි හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා පවතින විභාග මධ්‍යස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළ ඔක්තෝබර් 9,10 යන දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන අතර කොළඹ සංඝමිත්තා බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානය කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතිගේ අධීක්ෂණය යටතේ එහි සෞක්‍ය කාර්ය මණ්ඩලය මගින් විභාගය පැවැත්වෙන පන්ති කාමර හා ශාලා විෂබීජහරණය කරන ලදී. 10 October 2020
පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසාදමයි පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. 10 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් අසාදිතයන් 14 ක් හඳුනාගැනේ නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,089 ක් දක්වා ඉහළ ගියේය. 09 October 2020
බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්‍රීවරු 100කගේ විරෝධය පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත. 09 October 2020
කතළුව විහාරස්ථානයේ හිමිවරුන් 16 නමටම කොරෝනා නෑ හබරාදුව කතළුව විහාරස්ථානයක ස්වයං නිරෝධායනට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව අද (09) නිකුත්වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් තහවුරුවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 09 October 2020
පන්නල 78 හැවිරිදි මවකට කොරෝනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ. 09 October 2020
දිවුලපිටිය පොකුරෙන් ආසාදිතයින් 16 ක් දිවුලපිටිය කොරෝනා වයිරස ආසාදිත පොකුරෙන් අද (9 වැනිදා) තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. 09 October 2020
ඉරිදා දේවමෙහෙය තාවකාලිකව නවතයි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදයක් නිකුත් තරමින් සඳහන් කරයි. 09 October 2020
ඇඳිරිය තිබුණත් වෙළඳසැල් හෙට රෑ 8 තෙක් ඇරලා කොරෝනා වයිසරය පැතිරීමේ අවදානම හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා හෙට (10) පෙරවරු 8.00 සිට රාත්‍රියේ 8.00 දක්වා ද එම ප්‍රදේශයේ ඖෂධ හා ආහාර වෙළඳසැල් විවෘත කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 October 2020
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 09 October 2020
ලෝක තැපැල් දිනය සැමරීමට මුද්දර 5 ක් ලෝක තැපැල් දිනයේ 51 වැනි සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නව මුද්දර 5 ක් නිකුත් කිරීම තැපැල් මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී අද ( 09) සිදු කළේය. 09 October 2020
මාස 5 බිළිඳාගේ ඇට මිදුළු බද්ධයටත් කොරෝනා හරස්වෙයි ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන් මස 5 ක පමණ කාලයක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සිට ඇත. 09 October 2020
මානව හිමිකම් නියෝජිතයා පැමිණිලිකරුටත් පහර දෙයි පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරීයාට හා පැමිණිලිකරුට පහර දුන් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යැයි පවසන ආචාර්යවරයකු අද (9) දහවල් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 October 2020
මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම අත්හිටුවයි කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 09 October 2020
මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කරයි මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමත් සමග ඊයේ (8) සිට වසා දමා තිබු මිනුවන්ගොඩ පොලිසිය අද(09) පස්වරු 2.00 ට පමණ යළිත් විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 October 2020
ගම්පහ නගරයේ වෙළෙඳසල් විවෘතව තිබියදී නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන ගම්පහ නගරයේ අද(09) උදෑසන සිට ඖෂධ ශාලා, සතොස, සුපිරි වෙළෙඳසල්, සමුපකාර අලෙවිසැල් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින වෙළෙඳසල් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘතව තැබූ අයුරු දැකගත හැකි විය. 09 October 2020
කොරෝනා වළක්වන්න හැදූ දේශීය ඖෂධ කතානායකට පිළිගන්වයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වයිරසය ආසාදිතයන්ට සහ එම වයිරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශීය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 09 October 2020
කොරෝනා වයිරසය මන්නාරම අගරදගුරු නිවෙසටත් පනී මන්නාරම අගරදගුරු නිවසෙහි සේවය කළ අයකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගැනීමත් සමඟ මන්නාරම අගරඳගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 57 දෙනෙකු අද(09) ස්වයං නිරෝධායනයට ලක් කළ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 09 October 2020
කොළඹ නගරයේ අහඹු පීසිආර් පරීක්ෂණ 200 ක් කොළඹ නගරයේ ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. 09 October 2020
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ ජේ විජේසුරිය මහතා පැවසීය. 09 October 2020
ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 09 October 2020
විභාග සඳහා යන සිසුන්ට සෞඛ්යාරක්ෂිත දුම්රිය මැදිරි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි සෞඛ්යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 09 October 2020
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. 09 October 2020
අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඉල්ලයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්, තම සෞඛ්‍ය තත්වය ඇතුළු අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදිය යුතු බව අමාත්‍යංශය පවසයි. 09 October 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026