ජඹුරේවෙල චන්දරතන හිමිට පොලිස් ඇප කොළඹ කොටුවේ විරෝධතාවයක් අතරතුර ඇති වූ සිද්ධියකදී අඩංගුවට ගත් ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ සෙසු පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ප්‍රමෝද්‍ය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 08 April 2021
ලක්ෂ හැත්තෑවක මත් පෙති රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 70 කට අධික වෙළෙපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේදී අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 08 April 2021
අජිත් මාන්නප්පෙරුම මැතිසබයට රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (8) පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 08 April 2021
සෙන්සාල් නව ශාඛාවක් වැල්ලවත්තට සෙන්සාල් ආයතනයේ නව ශාඛාවක් වැල්ලවත්තේදී අද (8) විවෘත කෙරිණි. 08 April 2021
පස් කණ්ඩියක් කඩා වටී කම්කරුවෙක් මරුට කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් කපමින් සිටි කම්කරුවකු මතට පස් කණ්ඩියක් කඩා වැටී එම කම්කරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 April 2021
‘‘මේ සන්ධානය කඩා වෙන සන්ධාන ගොඩනගන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානය බිඳදමා වෙනත් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂවලට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී.ල.නි.ප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 08 April 2021
පුෂ්පිකා - කැරොලින් සාකච්ඡා අසාර්ථකයි ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්තකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසූවාය. 08 April 2021
අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිනට පොලිස් ඇප විවාහක රූ රැජිනකට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජුලි සහ චූලා පද්මේන්ද්‍ර නමැති සැකකාරියන් පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
කොරෝනා විකෘති ප්‍රභේදය වැළඳුණු තව 12ක් හඳුනා ගැනෙති විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 08 April 2021
වසා දැමූ යාපනය යළි විවෘත කරයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසාදැමු යාපනය පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය පවසයි. 08 April 2021
දංකොටුවෙන් ඇල්ලූ පොල් තෙල්වල විෂ දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්ෂණයෙන් තවුරු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි. 08 April 2021
සමනල වැව විදුලි බලාගාරයකින් කොරෝනා පොකුරක් සමනල වැව කපුගල විදුලි බලාගාරයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් 42 කට කොරෝනා ආසාදිතව ඇතැයි වැළිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 08 April 2021
කහඉර මතින් ආ මාරයා ගල්කිස්ස පීරිස් පාර අසල පදික මාරුවේ දී කැබ් රථයක ගැටීමෙන් ලොතරැයි අලෙවිකරුවකු අද (8) අලුයම මියගිය බව ගල්කිස්ස පොලිසිය පවසයි. 08 April 2021
හෙටින් පසු දින දහයක් පාසල් නිවාඩු රජයේ පාසල් අලුත් අවුරුද්ද සඳහා අනිද්දා (10) සිට දින 10ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 08 April 2021
‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’ ‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්‘‘ මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ යැයි වාරිමාර්ග අමාත්‍ය චමිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය. 08 April 2021
මත්තල ගුවන් තොට ලස්සන කරන්න යයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 April 2021
කොළඹ වරාය නගරයේ පාලනයට කොමිසමක් කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 08 April 2021
හොර පාරෙන් රට යන්න හැදූ 20ක් නාවික හමුදා බාරයට මන්නාරම සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට පැනයාමට උත්සාහ කළ පුද්ගලයින් 20 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 08 April 2021
දහදහ ගිල්ල පොලිස් පරීක්ෂක තවදුරටත් රිමාන්ඩ් පාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරීමට රුපියල් 10000 අල්ලසක් ගෙන ගිල දැමූ වැලිවේරිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෙට (9) දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය. 08 April 2021
ලෝක විවාහක රූ රැජින කැරෝලයින් සහ චූලා අත් අඩංගුවට විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 April 2021
මත්පෙති 3000ක් කොටුවෙන් මතු වේ කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 08 April 2021
ලංකා බැංකු සේවකයෝත් විරෝධතාවක විශ්‍රාම වැටුප් වහා ස්ථාපිත කරන ලෙස හා පිළිගත් ක්‍රමවේදයකට අනුව බැංකුව සේවකයන්ගේ පුහුණු කාලය වසර දෙකකට සීමා කරන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවක සංගමය අද (08) දහවල් ලේක්හවුස් වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළේය. 08 April 2021
සිසුන් දෙදෙනකුගේ ගැටුමින් එක් සිසුවෙක් රෝහලට අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ එක් සිසුවකු රෝහල්ගත කිරීමට කටයුතු කළ බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි. 08 April 2021
ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය කියයි. 08 April 2021
විදුලි සේවකයෝ උද්ඝෝෂණයක ලෙඩ නිවාඩු දැමූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවෝ විශාල පිිසක් මේ වන විට කොළඹ ලංකවීම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති. 08 April 2021
රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 08 April 2021
සැක ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් සැකපිට විදේශ රටකින් එවූ බවට සැක රුපියල් මිලියන 136 මුදලක සහිත ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් රත්මලාන ධර්මාරාම පාරෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 April 2021
කහ කිලෝ 1200ක් ගණේමුල්ලෙන් අල්ලයි නිතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1200ක් ගනේමුල්ල දකුණු ගලහිටියාව ප්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ. 08 April 2021
ලංවීම සේවකයෝ ලෙඩ වී කොළඹ එති ලංකා විදුලි බල මණ්ඩලයේ රටපුරා සේවය කරන සේවක සේවිකාවෝ අද (8) ලෙඩ නිවාඩු දමා කොළඹට පැමිණෙති. 08 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026