(අංජුල මහික වීරරත්න)
වන අලින්ගේ වාස භූමි ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මින් ඉදිරියට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී දෙවරක් සිතා බලන බවද අමාත්‍යවරයා කීය.
පාරිසරික ඇගයීම් නොසලකා හරිමින් වන අලින් ජීවත් වන ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම අලි මිනිස් ගැටුමට හේතුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 2011 සිදු කරන ලද සංගණනය අනුව පන්දහස ඉක්මවන බවත්, අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම වන අලින් මෙන්ම මිනිසුන් ද මරණයට පත්වන බවත් අමාත්‍යවරයා කීය.
අගෝස්තු 12 වැනිදාට යෙදෙන ලෝක වන අලි දිනය නිමිත්තෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ මෙවර ලෝක වන අලි දිනයේ තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම ( Pre historic Beauty, Theological Relevance and Environmant Importance ) බවයි.
COMMENTS
ඕකට මෙහෙම විසඳුමකුත් තියනවා . ඔක්කෝම වල් අලි ටික නැති කරල දාල කියන්න පුලුවන් "දැන් ලංකාවේ එහෙම සත්තු ජාතියක් නැහැ ඒක නිසා සංවර්ධන වැඩකටයුතු වලට යොදා ගන්නවා" කියල . කොහොමද ටිකිරි මොළය?
අලියගෙ කරඅඹන්න බැහැනේ මොකද ඒ ග්‍රන්ථි ඇඟ ඇතුලෙනෙ තියෙන්නේ.... ඉතින් වනසංරක්‍ෂණ නිලධාරින්ට කියලා දෙන්න අලියන්ගෙ උපත් පාලනය කරන විදියක්..! එවිට ගමකට අවශ්‍ය අලි ගනනය මනාව පාලනය වෙයි!
සත්ව කරුණාවේ සංකේතයක්... ගොඩක් පින්
ඒ කියන්නෙ පර්ලිමෙන්තුවෙ කිසිම සංවර්දනයක් කරන්නෙ නැහැ?
නූල් සුත්තර රාළලාගේ අමරවීර...
ආ දැන් ඔබගේ නායකයා වෙලා ඉන්නේ නාකි තනි අලියෙක් නිසා අලින් ගැන සත්ව කරුණාවක් පහල වුනාද? තේරුනේ දැන් තමයිද?