(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජයේ බැංකු හරහා කෝටි 383 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී ඇත.
ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 189 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 184 ක් ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 10 ක් ද වශයෙන් මෙම මුදල් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙන් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් අනුව මෙම බැංකු හරහා තවත් මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී ගන්න කෝටි 383 යි. ඇමතිලගෙ රථ ගායට කෝටි 280 යි. ලස්සන ශ්‍රි ලංකා.
සුරක්ෂිතව වී ගබඩා කළ යුතුයි. ඒ ගැනද රජය අවධානය යොමු කර ඇතැයි සිතමි. රට සහලින් ස්වයංපෝෂිත වූ කළ ජාතියක් ලෙස නැගී සිටිය හැකිය.