IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඇන් ඇම් ගෙන් කොල්වින්ගෙන් නවක මන්ත්‍රීන්ට පාඩමක්

(සුජිත් හේවාජුලිගේ )

ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරැණි දේශපාලනඥයන් අතීත පාර්ලිමේන්තුවල කළ සාරගර්භ කතා ඇතුළත් හඬ පට වර්තමාන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු පුස්තකාලාධිපතිවරයාට උපදෙස් දී ඇත.

උසස් සදාචාර සම්පන්න පාර්ලිමේන්තුවක් බිහි කිරීම සඳහා පැරැණි දේශපාලඥයන්ගේ පාර්ලිමේන්තු කතා වර්තමාන මන්ත්‍රීවරුන් ශ්‍රවණය කිරීම සහ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව තමාගේ අදහස යැයි කතානායකවරයා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එම දේශපාලනඥයන්ගේ කතාවලින් වර්තමාන මන්ත්‍රීවරුන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි පැවසූ මහින්ද යාපා අබේවර්ධන මහතා සමහර මන්ත්‍රීවරුන් ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන සෑහීමට පත් නොවන බවද ප්‍රකාශ කළේය.

තමා පාසල් ශිෂ්‍යයකුව සිටියදී බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවට පැමිණ ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා යනාදී දේශපාලනඥයන්ගේ කතාවලට දැඩි කැමැත්තෙන් සවන් දුන් බවත් තමා ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දේවල් ඉගෙන ගත්තේද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කතා ශ්‍රවණය කිරීමෙන් බවත් ඔහු පැවසුවේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය මාස කීපයේදී ඇතිවූ විවිධ සිද්ධීන් 14 කදී කතානායකවරයා ඇතැම් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අවවාද කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (8)

ඇන් ඇම් ගෙන් කොල්වින්ගෙන් නවක මන්ත්‍රීන්ට පාඩමක්

bamunuarachchi Saturday, 14 May 2022 08:52 AM

හා හා මේ මොන විකාරද? තරුණ අපි තරම් මේ නාකි දන්නවද? අපිට වඩා මේගොල්ලෝ දන්නේ කොහොමද? මේ ගොල්ලෝ ලේ සැලෙන විප්ලව කළාද?

:       4       2

BamunuarachchiSunday, 15 May 2022 08:18 AM

අපි මේ වාමාංසික නායකයින්ගේ දේශපාලන කතා ඇසුවේ ඉස්කෝලේ යන කාලේ. ඒවා ඉස්තරම්ම කථා අපි අන්තර් පාසල් විවාද වලදී ඒ වැකි එලෙසින්ම පාවිච්චිකලා. දැන් ඉන්න තරුණයෝ කොල්වින්ගේ නනත්තාර ඇමතිලා, ඔලුතුනේ බූරුවෝ වැනි කියමන් ගැන අහලාවත් නැතුව ඇති. මේ නායකයින්ට රටේ වැඩිහිටි ජනතාවගේ කැමැත්ත ප්‍රසාදය තිබුනා. ඔවුන් ඉස්කෝල කොල්ලෝ කෙල්ලෝ අල්ලාගෙන ලේ සැලෙන විප්ලව කොරන්න ගියේ නැහැ.

:       0       1

Sahith Saturday, 14 May 2022 08:59 AM

හොඳ තීරණයක්. ඔවුන්ට විතරක් නෙමේ, අපේ අයටත් අහන්න යූටියුබ් චැනල් එකක් හදලා ඒකට දාන්න...

:       0       14

දාස Saturday, 14 May 2022 10:33 AM

ඔය හරක් රැල ඕවා කියවන එකක් නෑ.. කියෙව්වත් ඔය නොසණ්ඩාලයින්ට තේරෙන එකක් නෑ. හැබැයි වෙන එකක් පෙන්නුවා නම් ගෙදර යන්නේ නැතිව බලයි.

:       1       4

Ana Saturday, 14 May 2022 11:14 AM

1972 ව්‍යවස්ථාව විසින් පළමුවරට රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය නැති කළ දේශපාලකයින්ට කඩේයාමට මග සැලසුවා...

:       1       1

මැක්ස් Saturday, 14 May 2022 11:42 AM

සමහර ළාබාල "ගෝඨා ගෝ හෝම්" කට්ටියගෙන් ඇහුවොත් ඇන්. ඇම්. කොල්වින් කියන්නේ කවුද කියලා උඩ බිම බලනවා නිසැකයි. ඊට උදාහරණයක් ඩී. බී. ඇස්. ජෙයරාජ්ගේ මෙවර ඩේලි මිරර් ලිපියේ තියෙනවා.

:       13       6

C.K.Lankaputhra. Saturday, 14 May 2022 02:53 PM

අනේ කතා නායකතුමෝ, ඔය වැඩෙන් මනා ප්‍රයෝජනයක් ගන්න නම් පාර්ලිමේන්තු ඉංග්‍රීසි පන්ති කීපයක්ම ආරම්භ කරන්න. බාලංශ පන්තියෙන්ම පටන් ගන්න...

:       0       0

සෙනෙවිරත්න Saturday, 14 May 2022 02:55 PM

ඒ ⁣අය එතුමන් ගැන දැනගන්නම ඕනද? ඒ මහත්වරුත් තමන්ට ලද අනගි අවස්ථාවන් මගහැරීය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site