
(යොහාන් භාසුර)
විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම නෞකාවට වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජයෙන් දැනුම්දී ඇති බව කී එම උසස් නිලධාරියා එයට හේතුවක් නොදන්නා බව ද සඳහන් කළේය.
එම නැව කුමන ස්ථානයක තිබේද යන්න නොදන්නා බවත් කොළඹ වරාය සීමාවට මේ දක්වා පැමිණ නොමැති බවත් එම උසස් නිලධාරියා කීය.
මෙම නැවේ ගබඩා කරඇති කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පරීක්‍ෂණ අංශ ප්‍රතික්ෂේප කිරීම නිසා මීට පෙර හරවා යැවූ අතර නැවත එම නැව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවට මීට පෙර වාර්තා විය.
COMMENTS
මේක පුදුම වැඩක්නේ. විස අසූචි පොහොර බලෙන්ම අපේ පොළොවට දාන්න චීනා දඟලන්නේ?
කොළඹ වරායට එන්න එපා කියලා තියෙන්නේ හැබැයි හම්බන්තොට වරායේ බායිද දන්නේ නැහැ.
මේ ඔක්කොමලා කියන්නේ බොරු. රැවටෙන්න එපා.
මේව මේ මිනිස්සු රවටන්න කියන බොලද කතා. චීනට තන්චි දාන්න මේ පාලකයෝ හීනෙන්වත් හිතන්නෙ නැහැ. මේ මිලදී ගන්නෙ චීන වැසිකිලිවල අශූචි බව පැවසෙනවා. චීනාට රට විකුනලා උගේ අශූචිත් අපට කවනවා.
අදාළ පොහොරම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස විශේෂඥයෝ අවධාරණය කරති!
අන්තිමට ප්‍රමාද ගාස්තුත් අපිම ගෙවා ඇතුල්වීමට ඉඩ දෙයි.
කොහොමද වැඩේ. චීනා දැන් පටන්ම අපට බලපෑම් එල්ල කිරීමට තරම් ඉහළ ගොස් ඇතිබව නේද මෙයින් ගම්‍යමාන වෙන්නේ .. ?
බලෙන් ආවොත් අපි මොනවද කරන්නේ? දැන් රටෙහි ජාතික ආරක්ෂාවක් තියෙනවාද.?
සමිත, එයාලා සල්ලි දීලා ගත්ත රටට එයාලට ඕනි බඩු ගෙන්න බැරිද.?
දැන්ද දන්නේ? බොරු සෝබන සංවර්ධනයට ලංකාව උගස් තියනකොට හොඳයි, දැන් නරකයි
සර් ෆේල් කියන්න කවුරුත් නැද්ද?