IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

(අංජුල මහික වීරරත්න)

සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා කීය.

වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

Pathum Monday, 26 July 2021 05:47 PM

ඔව්වා කෙරෙන වැඩ නෙවෙයි...

:       0       0

WCA Monday, 26 July 2021 07:10 PM

හරිනේ... ඒ කියන්නේ හාල්මිල තීරණය කලේ මුදලාලිලා නේද? ඔය කියන විදියට තාම මාෆියාව තියෙනවා නේද? ඔය මිල අඩු කළත් ඒ වෙන්නේ ඔය මාෆියාවේ ඩීල් එකක් විදියටම නේද? කාවද මේ රවට්ටන්නේ..?

:       0       0

දිසා........ගම්පහ. Monday, 26 July 2021 08:43 PM

ජනතාව ගැන සිතා සහල් මිල ගණන් අඩුකිරීම විය යුතුම දෙයක්. සියලුම සහල් මිල අඩු කළ යුතු අතර සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අන්දමට සහල් කිලෝවක් රුපියල් 20 කින් අඩු කරමින් නාඩු සහල් කිලෝවක් රුපියල් 76 ක් විය යුතුයි.

:       0       0

Bempi Tuesday, 27 July 2021 05:41 AM

මෙයා පචබාහු කෙනෙක්... කිසිම වැඩක් හරියට කරන්න බැහැ... කඩේ යන එක හැර.. මේ රංචුවට දෙයියන්ගේ හාල් කැවිලා...

:       0       0

Puppa Tuesday, 27 July 2021 06:12 AM

මේ ඔක්කොම බොරු, මේ අය කට ඇරියොත් කියන්නේ පච... මේ අය කියන පච දාන්නේ ඇයි?

:       0       0

Sunil Tuesday, 27 July 2021 06:38 AM

මේ කරන්න යන්නේ පොහොර හිඟයෙනුත් බැට කන ගොවීන්ට ලැබිය යුතු සොච්චම් මුදලත් අහිමි කරන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1144 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site