
(ඩයනා උදයංගනී)
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි.
මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
'හොරු රකින - බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු', 'කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා', 'තොපිට සැප - අපිට බදු - වැඩබිම පාරට' ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
මේ බදු අය කරන්නේ රු .ලක්ෂයට වැඩි මාසික වැටුප් ලබන අයගෙන් නේද.වරයේ අයගේ පඩිය හිතා ගන්න පුඵුවන්.
රජය නම් විරෝධතා වලට බොහෝ සෙයින් බයවෙලා වගෙයි .එසේ වෙතත් මේ දුරධාන්ත රජය යවන තුරු විරෝධතා පවත්වමු
රට කන රනිලා තෝ පල ඔය හොරු රැල සමග. නැතිනම් තොපිට වෙන දේ හිතාගන්න බැරිවෙයි
මේ ඉන්නේ කිසිම හොරකමක් නොකරන අය
වරාය සේවකයො කියන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ යෙදෙන කම්බ හොරු කොට්ඨාශයක්. කිසිම ලැජ්ජාවක් නැතුව මේ වගේ රාජ්‍ය සේවකයොත් දේශපාලඥයන්ට හොරුයි කියනවනෙ. දේශපාලඥයො විතරක් තනියම හොරකම් කරල රට මේ තත්වෙට වැටුන වගේ හරියට.
රනිල් රාජපක්ෂලා පන්නන්න එකෙ කතා දෙකක් නැත. රාජපක්ෂලා මංගල සමරවීර හිටපු ඇමතිතුමාගෙ බදු ක්‍රමය වෙනස් කල නිසා රජයේ ආදායම් බිලියන ගණනින් පහත වැටී මාසිකව මුදල් අච්චු ගැසීමටත් ඒ හෙතුවෙන් උද්ධමනය වැඩි වී භාණ්ඩ වල මිල ඉහළ යෑම සිදුවුණා. දෙශපාලනය කෙසේ වෙතත් බදු අය නොකර රටක් පාලනය කිරීම බොරුවකි. රට ගොඩ නැගීමට නම් යම් කිසි කාලයක් මෙම ක්‍රමය යායුතුය. 69 ත් එක්ක එකතු වෙලා ඔක්කෝම බදු ගෙවපල්ලා.
වර්ජන කරන මේ සියලුම වරාය සේවකයින් මසකට රුපියල් 100 000 කට වඩා උපයනවද? ඉහලම තලයේ වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රජය පෙරලීම සඳහා සියලු උපක්‍රම භාවිත කරයි.
මෙතන සමහර ඕලමොට්ටලයෝ වරායේ සේවකයන්ගේ හොරකම් ගැන කතා කරනවා .මාර්ගය තියෙනවානම් ඕන එකෙක් හොරකම් කරයි .ඒවා නැති කරන්න තමයි දේශපාලුවෝ පත් කරන්නේ .උන් කඹ හොරු උනාම කොහොමද අනිත් හොරකම් නවත්තන්නේ ?
රජයේ සෙවකයන්ගෙන් 99.99% ක්ම හොරු තමයි..එහෙම නැත්නම් නිකන් පඩි ගන්න එවුන්. රට දුවන්නෙ පුද්ගලික අන්ෂයෙ එවුන්ට පින් සිද්ධ වෙන්න.
සිංගප්පූරුවේ වරාය හදද්දි ඇහුවලු ඇයි කොළඹ වරාය තියෙද්දි අපි වරායක් හදන්නේ ඒක විවෘත කරද්දි කිව්වලු කොළඹ වෘත්තීය සමිති කාරයන්ගේ පිහිටෙන් අපිට නැව් එනවා කියලා. මොකද කොළඹ හැමදාම වර්ජන. දැන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට පොඩි තල්ලුවක් දෙන්න. ඕක නිකම්ම කරදිය පොකුණක් කරලා දාන්න පුළුවන්. ගේට්ටු වහලා මිනිසු පාරේ තියලා ගොන් කමයි පෙන්නන්න හදන්නේ. එනෙක වරායේ පඩි සහ දීමනා ගැන හැමෝම දන්නව කෑම නිකම්ම වගේ ලැබෙනවා තේ ලැබෙනවා ඕටී තියනවා. මොනවද වරාය සේවකයන්ට නැත්තතේ අනෙක් අයට සාපේක්ෂව.